වසංගත රෝග විද්‍යා ඒකකයට මල් මිටක් !

0
59

පවුල් සෞඛ්‍ය සේවිකාවන් විසින් අප්‍රේල් මස 03 වනදා ආරම්භ කළ වැඩ වර්ජනය නිසා දිවයිනේ මාතෘ සායන වල ළමා එන්නත් කිරීම් සිදු කෙරුණේ නැත.  මේ ආකාරයට  දින කීපයක්ම මහජන සෞඛය කාර්යාලය යටතේ පැවැත්වෙන සායන  වලින් බිළිදු ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා නොදී වැලකී සිටියේය.  එම එන්නත් විඳගැනීමට රජයේ රෝහල් වල  එක් දිනක් පමණක් ක්‍රියාත්මක වන ළමා හා මාතෘ සායනය දින පහේම  ක්‍රියා කරවීම ආරම්භ කළේ මෙම ගැටළුවට විසදුමක් වශයෙනි. එහෙත්  මේ සායන වලට එම්.ඕ.එච් ආයතන සතුව තිබූ ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීම  MOH නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පසුව වසංගත රෝග විද්‍යා ඒකකය (EPID) විසින්  රෝහල් සායන සඳහා මධ්‍යම බෙහෙත් ගබඩාවෙන් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමට තීරණය කරන ලදී.  ඒ ආකාරයට මාතෘ සායන වලදී  ළමා ප්‍රතිශක්තීකරණ මුලික එන්නත් ලබාගැනීමේ අවස්ථාව මහජනතාව වෙත උදාවිය. ෙම් ආකාරයට රෝහල් තුළ සායන දින 05ක් පමණ ක්‍රියාත්මක වූ පසු පසුව පවුල් සෞඛ්‍ය සේවිකාවන් විසින් වැඩ වර්ජනය අත්හිටුවන ලදී. එයට හේතුව කුමක් වුවත් එම අවස්තාවේ දැයේ  ළමා පරපුර වෙනුවෙන් ඒ අවස්ථාවේ වසංගත රෝග විද්‍යා ඒකකය විසින් ගන්නා ලද්දේ සුදුසු පියවරකි. එය අගය කළ යුතුය.25polio_524876g