” මිඩ් වයිෆ් ලා” ස්ට්‍රයික් කරපු කාලේ හේමාස් එකට මාර පල්ලම

0
188

අප්‍රේල් මාසය මුල් දිනවල  ලංකාවෙ සියලූම මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාල වල  සේවය කරන පවුල් සෞඛ්‍ය සේවිකාවන් (වින්නඹු මාතාවන්)  හෙදි සේවය සඳහා සූත්‍රිකා පුහුණුව ලබාදීමට විරෝධය දක්වමින් වැඩවර්ජනයක් ආරම්භ කළේය. මොවුන්ගේ වැඩ වර්ජනය සිදුකළේ නිල නොවන ආකාරයට හොරාට හැංගී හැංගී ගෙනය. මේ සඳහා MOH ආයතන වල සිටින බොහෝ වෛද්‍යවරුන්ද සහයෝගය දුන්නේ මාතෘ සායන වලට එන අම්මලා ආපසු හරවා යවමිනි. මේ ආකාරයට සායන වල ප්‍රතිශක්තීකරන එන්නත්  නොවිඳීම නිසා දින 10ක් පමණ තබාගතහැකි එන්නත් කොපමණ ප්‍රමාණයක් අපතේ ගියා දැයි කවුරුන් හෝ ගණන් බලා නැත. ඒවා මහජන මුදල් වැය කරමින් ලබාගන්නා ඔෂධ හා එන්නත් වේ. මෙම වැඩවර්ජනය කාලේ ඒ වත්තල පිහිටි හේමාස් පුද්ගලික රෝහලෙන්  එන්නත් ලබාගැනීමට මව්වරුන්  යොමුවූහ. සමහර විට  එම එන්නත් වත්තල  MOH  එකේ  එන්නත් ද වන්නට පුලුවන. නමුත් ඒවා හේමාස් එකේදී නම් නොමිළේ  ලබාදුන්නේ නැත. එම එන්නත් සඳහා කිසියම් හෝ මුදලක් අයකරගෙන මව්වරුන්ට හෝ බිළිදුන්ට ඒවා එන්නත් කරන ලදී. ඒ සඳහා වැයකරන්නට සිදුවූ අඩුම මුදල රු 500ක් විය. මේ ආකාරයට අපේම මුදල් වලින් මධ්‍යම බෙහෙත් ගබඩාවට  මිලදී ගන්නා එන්නත් අපෙන් නැවතත් මුදල් ගෙන අපටම විඳින්නට හේමාස් පුද්ගලික ආයතනය  වගබලාගෙන ඇත. හේමාස් පුද්ගලික රෝහල පමණක් නොවේ තවත් රටේ ඇති බොහෝ පුද්ගලික රෝහල් වලින්  මුදල් ගෙවා ලබාගන්නා ප්‍රතිශක්තීකරණ එන්නත් මහජනයාගේ මුදල් වලින් ලබාගන්නා එන්නත්වේ. ලංකාවේ  නිදහස් සෞඛ්‍ය අර්බුදයට යනවා නම් ඉන් පළමුවෙන්ම සතුටු වන්නේ පුද්ගලික රෝහල්ය. නමුත් මහජන මුදල් වලින් ඉගෙන ගෙන වෛද්‍යවරුන් වී , පවුල් සෞඛ්‍ය සේවිකාවන් වී මහජනතාවටම කෙළවන්නට ඉඩදී තිබීම අපේ රටේ අවාසනාවය.public-health-hands_1