අපි නොදන්න බිලිං අච්චාරුව සහ සිරස ආලින්දය

0
706

අද (මැයි 02)  පෙරවරුවේ සිරස ආලින්දය වැඩසටහනේ  සූපවේදියා සහ මාධ්‍යවේදීන් එක්ව අපූරු ආහාර වර්ග දෙකක්  ප්‍රේක්ෂකයින්ට සාදා පෙන්නුවේය. පළමුවැන්න කංකුං මිශ්‍ර කිරිබතක් වූ  අතර එය අාහාරයට ගැනීම සඳහා අතුරු ආහාරයක් ලෙස බිලිං අච්චාරුවක් ද සාදා පෙන්වූයේය. ගෙදර සාදාගත් බිලිං අච්චාරුවක් ඔහු ගෙනවිත් තිබිණි.
අමු බිලිං ටික මැටි වළඳකට දැමූ  සූපවේදියා එයට ලුණු ස්වල්පයක් දමා  භාජනය වසා පැවසූවේ මෙයට වතුර දමන්නට ඕනෑ නැත, බිලිං වලින් වතුර උනනවා යන්නයි. නමුත් අර මාධ්‍යවේදීන්ගේ  විහිලු මැද ඔහුට ලිප මද ගින්නේ තබන්නට අමතක විය. පසුව වතුර ඕනෑ නැතැයි කී ඔහු  නැවත භාජනය ඇර  බිලිං දැමූ හට්ටියට  වතුර වත්කළේය. ඒයට හේතුව භාජනය රත්වී වැඩිවීමෙන්  මැටි ඇතිලිය කරවෙන්නට පටන් ගැනීමයි.  දෙපස සිටින මාධ්‍යවේදීන්ට ද ආහාර තාක්ෂණය පිළිබඳ කිසිදු සාමාන්‍ය දැනීමක් නැති ගානය. ඔවුන්ද විහිලු කරමින් කියා සිටියේ ගෙදරින් හදාගෙන ආ බිලිං අච්චාරු  හරියන්නේ නැහැ මෙතනදී සාදා පෙන්විය යුතු බවයි. වැඩසටහන ඉවරවන තෙක් හට්ටිය ඇර ඇර බලමින්  විස්තර කළද එතෙක් බිලිං ටිකෙන් වතුර උනා තිබුණේ නැත.  නමුත් සාදන විදිහ මුලදීම වරද්දාගත්තේ මැටි ඇතිලියක්  ගෑස් ලිපේ තබද්දී සැලකිය යුතු උෂ්ණත්වයට ගින්දර පාලනය නොකිරීමෙනි. අනික පලතුරු වලින් ආහාර සාදන විට එහි වතුර ඉවත්කරීම ව්‍යාංජනය සැකසීමට පෙර ලිපේ තබා කරගත යුතු ක්‍රියාවකි.  සිරසේ සූපවේදියා එය එකවරම  පිසින්නට සූදානම් වීම ඔහු කරගත් දෙවන වරදයි. බිලිං මදගින්නේ ලිපේ තබා ජලය ඉවත්කරගත් බිලිං භාජනයක්  සූදානම් කරගෙන ගෙන බිලං අච්චාරුව සෑදුවා නම් එය වඩා  ප්‍රායෝගිකය.2
සියල්ල විහිලුවකට ගෙන ඇති වර්තමාන මාධ්‍ය සංදර්ශන තුලින් ජනතාව නොමග යන මෙවැනි අධ්‍යාපනයන්  ලබාදීම මාධ්‍ය අචාර ධර්ම වලට සුදුසු නොවේ.
අනික් කරුණ වන්නේ එම විෂයට අදාළව මාධ්‍යවේදීන් ද විෂය කරුණ දැන සිටිය යුතුවීමය. විදේශ මාධ්‍ය චැනල් වල විකාශය වන වැඩසටහන් අනුකරණය  කරන අපේ  මාධ්‍ය ඒවායේ මතුපිට අලංකාරය විණා අන්තර්ගතය දෙස එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැත.
ජීවිතේට ආහාරයක් සාදා නැති ,  ගෘහ විද්‍යා හෝ  සුපවේදය පිළිබඳව අයන්න ආයන්නවත් දන්නේ නැති  වැඩසටහන් මෙහෙයවන්නන් ලවා  සූපවේදය යන විෂය හෑල්ලුවට ලක් කරවයි. මාධ්‍යවේදින් යනු තමන් කතාකරන විෂය පිළිබඳව මූලික අවබෝධයකින් හා සමාජ අවබෝධයකින් යුක්ත විය යුතු පරිනත පුද්ගලයෙකි. එහෙත් අද ලංකාවේ බොහෝ විද්්‍යුත් මාධ්‍ය වල සිටින්නේ  මතුපිටින් අතගාන පියරු බබාලා ටිකකි.bilin2