කඩාවැටුණ පහන් කුළුන ගැන පුරාවිද්‍යාවේ අවධානයට

0
65
විනාශයට පත්ව ඇති පහන් කණුව

අප්‍රේල් මස 02 වනදා  මීගමුව කාමච්චෝඩයේ  වටරවුම අසල පිහිටා   තිබූ   වීදි පහන් කුළුන මාලු ලොරියක රියදුරෙකු අතින් අනතුරට ලක්වූ අතර  ඉන් පසු මෙම පහන කුළුන එම ස්ථානයෙන් ඉවත් කෙරුණි.
අප්‍රිෙයල් 30 වනදා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් විසින් මෙම කුළුන පිළිබඳව විමර්ශන චාරිකාවක නිරත විය. ඇය මීගමුවට පැමිණ මෙවැනිම කුළුනු පිහිටා ඇති  ස්ථාන පිළිබඳව විමසීමක් සිදුකළේය. පසුව අනතුරින් කඩා වැටුණ  පහන් කණුව තිබෙන ස්ථානයට ද  ගොස් තිබුණි.  මීගමුව වැල්ලවීදියේ තිබෙන පළාත් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාල භූමියට  එම පහන් කණුව  රැගෙන ගොස් තිබුණි.
ලොරියේ රියදුරාව මීගමුව පොලීසිය විසින් නිදහස් කළ අතර ලොරිය නිදහස් කර ගැනීම සඳහා එම රියදුරු මීගමුව මහ නගර සභාවේ සහය පැතීය. නමුත් මහ නගර සභාවෙන් පවසා තිබුණේ මෙම පහන් කණුව අපට අයිති නැති නිසා ඒ පිළිබඳව ලිිඛිතව යමක් දිය නොහැකි බවයි. පසුව එම රියදුරා තවත් ආයතන කීපයකට ගොස් මේ පිළිබඳව වගකීම ඇති ආයතනය කුමක්ද කියා  විමසා ඇති බව වාර්තා විය.DSC05275
පසුව මේ පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් කාර්යාලයේ ප්‍රධානියෙකුගෙන් අප විසින් විමසීමක් කරන ලදුව පහන් කණුව ගැන තොරතුරු  අසා සිටියේය. නමුත් ඒ වනතෙක් ඔවුන්ව මේ පිළිබඳව කිසිම ආයතනයකින්  දැනුවත් කර නොතිබුණි. අප්‍රේල් 29 වනදා වනවිටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් කාර්යාලයට මේ ගැන දැනුම් දී නොතිබුණ අතර අපගේ දැනුවත්කිරීම මත එහි අධ්‍යක්ෂකවරයා  විසින්  නිලධාරණියක්ව එ් ගැන විමර්ශනයක් සඳහා යොමුකළේය.