මව්බිම කර්තෘගේ මාධ්‍ය සදාචාරය ?

0
549

තොරුතුරු දැනගැනිමේ අයිතිය නිතිගතකරන ලෙස රජයට බලකරමින් අත්සන් කෙරෙන මහජන පෙත්සමට පුවත්පත් ආයතනවල මාධ්‍යවේදින්ට ඇරයුම් කිරිම සදහා මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුවේ සමාජික සංවිධානයක් වු වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමයේ  අපද ඊට හවුල්ව සිටියෙමු.
මව්බිම කර්තෘ තුෂාර ගුණරත්න මහතා හමුවිමට පෙර අප හමුවුයේ එම ආයතනයේම ඉංග්‍රිසි පුවත්පත වු TODAY පුවත්පතේ කතුවරිය වු හනා ඉබ්‍රහිම් මහත්මියයි.ඇය ඉතා සුහද ලෙසින් අපව පිළිගනිමින් එම පුවත් මාධ්‍යවේදින් හට අපේ වැඩසටහනට සහභාගි විය හැක්කේ නම් එය අගේ කරන බව පවසා සිටිමින් සිය කර්තෘ මණ්ඩල සාමාජික සාමාජිකාවන් හට විවෘත ආරාධනයක් කර සිටියාය.
තතු එසේ වුවද අප මව්බිම කර්තෘවරයා හට ඇරයුම් කිරිමෙන් පසු ඔහුගේ පළමු ප්‍රශ්ණය වුයේ මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුවේ සිටින මාධ්‍ය සංවිධානය මොනවාද යන්නයි. වෘත්තිය පුවත්පත්කලාවේදින්ගේ සංගමයේ සභාපති ලසන්ත රුහුණගේ සහෝදරයා විසින් අප එකතුවේ මාධ්‍ය සංවිධාන නියෝජ්නය පැහැදිලි කරමින් සිටියදිම තුෂාර ගුණරත්න මහතා පවසා සිටියේ අපි නම් ඔය මාධ්‍ය සංවිධානවලට යන්න එපා කියලයි අපේ අයට කියල තියෙන්නේ යනුවෙනි.
අප ඉන් පසු එතනින් පැමිණ කර්තෘ මාණ්ඩලික මාධ්‍ය සගයන් වෙත අපගේ ඇරයම් පත බෙදාදුනිමු.
එතනින් නොනැවතුන මව්බිම කර්තෘ පසුව ලක්බිම පුවත්පතේ හිමිකරුවන තිලංග සුමතිපාල වෙත පවසා ඇත්තේ අපත් සමගින්  මව්බිමට ගොස් සිටි ලක්බිම පුවත්පතේ ජායාරූප ශිල්පි නිමල්සිරි සහෝදරයා පිළිබදවය.
නිමල්සිරි පත්තරේ වැඩකරනවාද නැතිනම් මාධ්‍ය සංවිධානයක වැඩකරනවාදැයි ඔහු තිලංගට දන්වා ඇත.
මෙවන් කර්තෘවරයෙකු හට තිබිය යුතු  අවම මාධ්‍ය සදාචාරය ගැන ප්‍රශ්ණ කිරිමට පරම අයිතියක් මාධ්‍ය වෘත්තියේ නියැලෙන සැම වෙත ඇතැයි අප තරයේ විශ්වාස කරන්නෙමු.
මේ අදහස මතුකරමින් ශ්‍රිලංකා මිරර් වෙබ් අඩවිය පළකරන ලද  පුවතක් දෙරණ මාධ්‍ය වේදි චතුර විසින් දිනපතා පුවත් පත් වැඩසටහනේදි කියවිම නිසා උරණ වි ඇති මව්බමි කර්තෘ චතුර වෙබ් මාෆියාවේ කප්පම්කාරයෙකු කියමින් දෙරණ චතුර අල්විස් ට එරෙහිව ලිපියක් මව්බිමේ පළකර තිබුණි.
වෙබ් මාධ්‍යකලාවේ වෘත්තියභාවය වෙනුවෙන් පෙනි සිටින වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය මව්බිම කර්තෘගේ මේ නොහොබිනා ක්‍රියාපටිපාටිය ගැන විශේෂ පුවත්පත් නිවේදනයක් නිකුත් කර ඇත.
පහත පළවන්නේ එයයි.PWJAnew