”තොරතුරු දැනගැනිමේ අයිතිය නීතිගත කරනු.”මහජන පෙත්සම ඇරඹේ

0
33

මැයි 03 වෙනි දිනට යෙදුන ලෝක ජනමාධ්‍ය දිනය නිමිතිකොට ගෙන තොරුතුරු දැනගැනිමේ අයිතිය නීතිගතකරන ලෙස ඉල්ලා මහජන පෙත්සමට අත්සන් තැබිම අද සවස කොළඹ කොටුව දුම්රිය පළ ඉදිරිපිටදි  සිදුකෙරුණි.

ඇද හැලුන මහවැසිද නොතකා විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයන් මෙන්ම වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන නියෝජිතයන් මේ අවස්ථාවට පැමිණ සිටියහ.
මාධ්‍ය සංවිධාන 10 කින් සැදුම්ලත් මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුව විසින් මෙම මහජන පෙත්සමට අත්සන් එකතු කිරිමේ ව්‍යාපාරය සංවිධානය කර තිබුණි.
මහජන පෙත්සමේ පළමු අත්සන තබන ලද්දේ මාධ්‍ය නිදහස වෙනුවෙන් සංවිධානාත්මක මැදිහත්විමකට මුලපිරිම නිසා  විපක්ෂයේ එක් දේශපාලකයෙකු සහ ඔහුට සහය දුන් ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයන්ගේ බලපැම නිසා ලක්බිම කර්තෘධුරයෙන් අද දිනයේ සමුගැනිමට සිදුවු සමන් වගආරච්චි මහතා විසිනි.
12
1346910