මීගමුවේ පාලකයන් වඩාත් කැමැති මීගමුව තුල ඇති ඉපැරණි සංස්කෘතික වටිනාකම් ඇති දේවල් රකින්නට වඩා විනාශ කරන්නටය.
මීගමුවේ කොටුව පිට්ටනිය අවට ප්‍රදේශයේ පිහිටා ඇති ඉපැරණි වීදි පහන් කුළුණු 3 ක් වේ.
මේ එක් කුළුණක් මීගමුවේ උසාවි සංකිර්ණය ඉදිරිපිටද අනෙක් එක කාමච්චෝඩේ මාළු වෙළද සැල ඉදිරිපිටද පිහිටා තිබේ.
අනික පිහිටා තිබුනේ කාමච්චෝඩේ පොළ භූමියට අතුළු වන වටරවුම තුලය.පසුගිය දිනක ලොරි රථ රියදුරෙකු විසින් මේ වීදි පහන් කණුව හප්පා විනාශ කර දැමිමෙන් පසු දැන් එය තිබෙන්නේ පළාත් මාර්ග සංවර්ධ අධිකාරි කාර්යාලය තුල යැයි මෑතකදි හෙළි විය.
පුරා විද්‍යා දේපාර්තමේන්තුවද මේ ගැන පරික්ෂණ ආරම්භ කර තිබුනේ මීපුර වෙබ් අඩවිය විසින් මේ පහන් කණුව ගැන කළ හෙළිදරව්වෙන් පසුවය.
කෙසේ හෝ මේ වීදි පහන් කණුව පෙරපරිම පිළිසකර කර යළි එම ස්ථානයේම ඉදිකරාවිද යන්න ගැන දැන් සැකයක් මතුව තිබේ.
ඊට හේතුව වන්නේ මීගමුවේ දේශපාලකයන්ගේ අවශ්‍යතාවයක් වුයේ කෙසේ හෝ මේ වීදි පහන් කණුව මෙතනින් ඉවත් කර ගැනිමය.ඊට හේතුව වන්නේ අභිනවයෙන් පාරක් මැදිකරමින් ඉදිකර ඇති දිවි නැගුම වෙළද පොළෙහි දර්ශන පථයට මෙය යම් බාධාවක් පැවැතිම නිසාය.