නාගරික මන්ත්‍රි කපිලට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයෙන් නියෝගයක් ….

0
69

හැමිල්ටන් ඇල රක්ෂිතයේ අනවසර ඉදිකිරිමක් තමන් විසින් කර ඇති බව  පිළිගත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කපිල නන්දසුලෝචනගේ අනවසර ඉදිකිරිම පිළිබදව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය විසින් නියෝගයක් නිකුත් කර  ඇත.මේ නියෝගය නිකුත් කර ඇත්තේ මේ කඩය හිමිකරගැනිමට බලාපොරොත්තුවෙන් සිටින මුස්ලිම් තරුණයෙකුගේ නමටය.එහෙත් මෙහි ඇත්ත හිමිකරුවා වන්නේ කපිල නන්දසුලෝචන බව අද සියල්ලෝම දනිති.
අද උදෑසන ඔහු විසින් අප වෙබ් අඩිවිය වෙත ඒවා තිබුණි පණිවිඩයට අනුවද අනවසර ඉදිකිරිමේ වගකීම ඔහු විසින් භාරගෙන තිබේ.
ඒ නියෝගයට අනුව මෙම අනවසර ඉදිකිරිම 2014 මැයි 12 වනදාට පෙර කඩා දැමිය යුතු යැයි දන්වා ඇත.
ඒ ගැන කටයුතු කිරිම සදහා මීගමුව පොලිසියටද දන්වා ඇත.
බ්ලොග් ගලෙන් බිත්ති බැද වහලය පවා සදා නිමකර ඇති මේ අනවසර ඉදිකිරිම කව්රුන් කිව්වද තමන් කඩන්නේ නැති බව කපිල මන්ත්‍රිවරයා මීපුර වෙබ් අඩවිය වෙත දන්වා ඇත.kapila issue