‘රෝයල් සිටි’ එකේ පර්චස් 06 කැඩිල්ල ??

0
363

රෝයල් සිටි යනු  කටාන – විජයකුමාරතුංග මාවතේ  (මංගල වත්ත )  – අක්කර 09ක  පමණ භූමි ප්‍රමාණයක ගුරුගේ දේපළ වෙලඳාම් විසින්  බෙදා වෙන්දෙසි කළ ඉඩමකි. මෙම ඉඩම් මුලදී පර්චස් 12 ක ඉඩම් කට්ටි වලට බෙදා විකුණූ අතර පසුව එම පර්චස් 12 දෙකට බෙදා පර්චස් 06 කට්ටි වලට  විකුණන ලදී. එම පර්චස් 06 ඉඩම් මිලට ගත් පුද්ගලයින්ට මේ වන විට නිවාස සැලසුම් අනුමත කර ගැනීමට නොහැකි ප්‍රශ්නයක් මතුවී ඇති බව වාර්තා වේ. මෙම ඉඩම්  කට්ටි කිරීමේදී තිබිය යුතු අවම කොන්දේසි ද උල්ලංඝනය කරමින් ක්‍රියා කර ඇති ගුරුගේ දේපළ වෙළදාම් ආයතනය මේ නිසා මතුවිය හැකි පරිසර ප්‍රශ්නය පිළිබඳව ද කිසිදු තැකීමක් සිදුකර නොමැත. මෙවැනි ඉඩම් වෙන්දේසි කිරීම්  සිදුවන සෑම තැනකදීම අවුරුදු කීපයකට පසු පරිසර ප්‍රශ්නයක් මතුවේ. මෙම ‘නිගම්බු රෝයල් සිටි’  ඉඩම් වල ට ද ඉදිරියේදී පරිසර ප්‍රශ්න අනිවාර්්‍යයෙන්ම ඇති විය හැකි අතර, මෙම ඉඩම් වල පදිංචි වන්නන්ගේ කුණු අපද්‍රව්‍ය ප්‍රශ්නයට ද  පිළිතුරක් නොමැතිව මෙසේ ඉඩම් පර්චස් 06කට කඩා අළෙවි කර තිබේ. තමන්ගේ ඉඩමේ නිවාස සැලසුම අනුමත කර ගැනීමට නොහැකිව එම අයිතිකරුවන් වද වෙන අතර  මේවැනි ගැටළු ඇති කරන්නට  නීතියට යටින් රිංගා ගොස්ය. ඒවාට ඉඩදී  වගකිවයුතු පිරිස් ද බලා සිටිති.  ඉඩම් කොටස් කිරීමට අදාළ නීති රෙගුලාසි කඩකරන මෙවැනි වෙන්දේසිකරුවන් පිළිබඳව මෙයිට වඩා රජයේ ආයතන වල අවධානය යොමුවිය යුතුය.
berty