ආණ්ඩු පක්ෂය වැඩියෙන්ම කැමැති කැලිසන්ට…..????

0
45

කැලිසන් ජයකොඩි තාලාහේන පේරුව නියෝජනය කරමින් මෙවර ද තේරිපත්වු එජාප මන්ත්‍රිවරයෙකි.ඔහු පිළිබදව අපගේ වෙබ් අඩිවිය විසින් විශේෂ හෙළිදරව්වක් කලේය.ඒ මීගමුව නගරයේ ඉඩම් අනිතික ලෙසින් නගරයේ  ව්‍යාපාරිකයන්ට විකිණිමේ ජවාරම පිළිබද විපක්ෂ නායක රොයිස් විජිත මන්ත්‍රිවරයා විසින් විශේෂ යෝජනාවක් පසුගිය මහසභා රැස්විමකට ගෙන ආ අවස්ථාවේදි ඒ යෝජනාව විපක්ෂ කණ්ඩායම විසින් ස්ථිර කළයුතුව තිබියදි එහි වගකිම පැවරි තිබුණ කැලිසන් ජයකොඩි මන්ත්‍රිවරයා එය පැහැර හැර තිබිම ගැනය.

මේ හේතුව නිසා ඒ වැදගත් යෝජනාව පසුගිය මහසභාව විසුරුවා හරින  තෙක් නැවත ගෙන ඒමට  නොහැකි විය.මේ නිසාදෝ මෙවර මීගමුව මහනගර සභාවේ ප්‍රධානතම කමිටුව වු මුදල් කාරක සභාවට විපක්ෂය වෙනුවෙන් වැඩිම ජන්දයෙන් කැලිසන් ජයකොඩි මන්ත්‍රිවරයාව තෝරාපත්කරගෙන තිබුණි.මෙහිදි ආණ්ඩු පක්ෂයේ පරිස් මන්ත්‍රිවරයාට සමානවම ජන්ද 20 ක් කැලිසන් ජයකොඩි මන්ත්‍රිවරයාටද  ලැබි තිබුණි.වත්මන් නගරාධිපති සකාලවුල්ලාට මෙන්ම හිටපු නාගරාධිපති සේපාල මොරවකටද ලැබි තිබුනේ ජන්ද 18 බැගින්ය.

මේ අනුව වික්ෂයේ වැඩිම විශ්වාස වන්තයා කැලිසන් ජයකොඩි විමේ රහස කුමක්ද..??????