මාංකුලිය පාරේ වාහන වලින් කප්පම් ගනියි.

0
43

මීගමුවේ මාංකුලිය ලෙල්ලමට මාළු ගැනිමට  පැමිණෙන වාහන බොහොමයක් නවාත තැබෙන්නේ 273 මාර්ගයේ දූව පැත්තට වන්නටය.මේ වාහනවලින් දිනපතා පාපැදියකින් පැමිණෙන කොට කලිසමක් ඇද ගත් පුද්ගලයෙක් විසින් කප්පම් ගනි.

ඒ එක් වාහනයකින් රු 50 බැගින්ය. එසේ නවතා තැබෙන වාහන වලින් මුදල් අයකිරිමට කිසිදු අවසරයක් මීගමුව මහ නගර සභාව විසින් හෝ වෙනත් කිසිදු ආයතනයක් විසින් ලබා දි නොමැත.

පිටපලාත් වලින්  රැගෙන එන මාළු (පෙට්ටි මාළු ) අලෙවි කිරිමට ටෙන්ඩර් අවසරය ලබා දි ඇත්තේ ලෙල්ලම අසලින් දූව දෙසට දිවෙන නිව්ටන් මාවතේ පමණි.

එහෙත් මේ කොන්දේසි කඩකරමින් ප්‍රධාන මාර්ගය අවහිර වනසේ මාළු විකිණිම දැන් වසර ගණනාවක් තිස්සේ කරගෙන යනු ලබයි.

මේ අත්දැකිම හොදින් දන්නා නව නගරාධිපති වරයා මේ කප්පම් ගැනිල්ල නවතා ලන්නට තවත් දින කීයක් බලා සිටිදැයි අපිත් ඇගිලි ගනිමු.