සංචාරකයන් බයකරන්න සංචාරක ඇමතිගේ ගෝලයෝත් හෝටල් භූමියේ ?

0
75

lansa gangශ්‍රි ලංකාවේ ප්‍රධාන සංවර්ධන උපාය මාර්ගය වන්නේ සංචාරක ව්‍යාපාරයයි.ඒ වෙනුවෙන් මේ සියළු අයෝජනයන් සිදුකෙරෙමින් තිබේ.
එහෙත් රටපාලනය කරන දේශපාලකයන් විසින් කටයුතු කරමින් තිබෙන්නේ මේ කෝටි ගණන් අයොජකයනගේ ප්‍රථිපල ආපස්සට හැරවිම සදහාය.
හම්බන්තොට සහ තංගල්ලේ  සිදුවෙමින් ඇති දේම දැන් මීගමුවටත් ආදේශ කරමින් තිබේ.
මෙයට කදිම උදාහරණය වන්නේ 2014 ජුනි 07 වනදා මීගමුව ගෝලඩ් සැන්ඩ්ස් හෝටල් පරිශ්‍රයේ  ආරක්ෂක අංශවල පුර්ණ සහය ලැබු උද්ඝෝෂකයන් පිරිසක් විසින් සිදුකරන ලද උද්ඝෝෂණයයි.

මෙම උද්ඝෝෂණය සිදුවෙමින් පැවැති අවස්ථාවේ විවාහ මංගල උත්සව 3 කට පැමිණෙමින් සිටි ජනයා සහ සංචාරකයන්ද විශාල පිරිසක් හෝටලය තුල රැදි සිටිනු දක්නා ලදි.
පිටස්තර ප්‍රදේශවලින් පැමිණ සිටි මේ උද්ඝෝෂකයන්ගේ සහය පිණිස මීගමුවේ දේශපාලන ප්‍රබලයෙකුගේ ගෝලයන් පිරිසක්ද හෝටල් භූමියේ රැදි සිටිනු ලදි.
මේ අතැමෙක් මෙම සිදුවිම වාර්ථා කරන්නට පැමිණ සිටි මීපුර මාධ්‍යවේදින් පෙන්වමින්  ”මුන් තමයි ඔක්කෝම කරන්නේ යැයි ”උද්ඝෝෂකයන් සමගින් පවසා ඇත.
සංචාරක කලාපය හොරුන්ගෙන් ආරක්ෂා කරගන්නට ආරක්ෂක කැමරා පද්ධති සවිකරන්නට මහජන මුදල් ඉල්ලන බස්නාහිර පළාත් සංවාරක ඇමති නිමල් ලංසා සංවාරක කලාපයේ හෝටල් ඇතුලේ මැරවැඩවල සහයට ගෝලයන් එවන්නට අමතක කරන්නේද නැත
මීගමුවේ අශ්චර්යය එයයි.