කිඹුලාපිටිය ගගට තවත් දරැවෙකු බිලිවෙයි ?

0
67

දකුනු කදිරානේ පදිංචි ශ්‍රියාන් මධුසංඛ පෙරේරා නමැති සිසුවා පසුගිය  08 වනදා සිය සොහොයුරන් දෙදෙනා සමග සමග දිය නැම සදහා කිඹුලාපිටිය ගගට ගොස් සිටියදී ගැඹුරැ ස්තානයක එරීමෙන් මරණයට පත්ව ඇත.  සොහොයුරන් දෙදෙනා දියට බැස නොමැති අතර  මෙම වල අඩි 15ක් පමණ ගැඹුරැ බව ප්‍රදේශවාසීන් පවසති. මව හැරගොස් ඇති පවුලේ පියා සහ සොහොයුරන් සමග ජීවත් වූ ශ්‍රියාන් මධුසංඛ ඉපදී ඇත්තේ 1997-09-02 වනදායි. ඔහු මිය යන විට ඉගෙනුම ලබමින් සිටියේ බෝලවලාන නිර්මල මහා විද්‍යාලයේයි.

2007 වසරේ සැප්තැම්බර් මාසයේ දී සරැංගල් සෑදීම සදහා කිඹුලාපිටිය ගගට ගිය  පිරිමි ළමුන් ‍දෙනෛකු  එවැනිම වලකට වැටී මිය ගියේය. කිඹුලාපිටිය ගග මා ඔයේ අතු ගංගාවක් ලෙස පිහිටා ඇති අතර  වැලි ජාවාරම්කරැවන් විසින් මා ඔයේ සිදුකරන ලද වැලි හෑරීම් හේතුවෙන් සැලකිය යුතු ජීවිත ප්‍රමාණයක් අහිමි වී ඇත.