මෙවර නත්තල් පොළ සරත් පිළට

0
64

සරත් ලංසා ගැටුම දැන් නගරයේ සියළු ක්ෂේත්‍ර හරයා පැතිර ගොසිනි.මේ සෑම අංශයකදිම දක්නට ඇත්තේ මේ දෙදෙනාගේ තරඟයයි.මීගමුවේ නත්තල් පොළ මහත් ආන්දේලනයකට  තුඩු දුන් තැනකි. එයින් හැමදාම හම්බකරන් කැවේ ටෙන්ඩර් කරුය.

මිරිස් ඇන්ටනි  යන තැනැත්තෙකු මෙහි රජ ලෙසින් වරක වැජඹුනද දැන් ඒ සියළු දෙනා පච වෙමින් ගොස්  ඇත්තේ මේ තෝරුන් මෝරුන්ගේ ගැටුම මැද්දේය.

වසර 2009 නත්තල් පොළ පාලනය මීගමුව මහ නගර සභාව විසින් සිදුකළද ඊට මැදිහත්ව සිටි ලංසා පිළේ කුප්‍රකට පුද්ගලයෙක් වු නගර සභාවේ අදායම් නිලධාරි ජයනාත් නැමැත්තා විසින් වෙනත් අයට විශාල මුදලකට නත්තල් පොළේ ඉඩ අලෙවි කර තිබුණි.මෙයට නගර සභාවේ ඉහල නිල දරන්නන්ද සම්බන්ධ ව සිටි බව රටටම හෙළිදරව් වුයේ නෙත් එප්. එම් ගුවන් විදුලියේ බැලුම්ගල වැඩසටහන ඔස්සේය.
මෙවර නත්තල් පොල ලංසා සරත් ගැටුමේ හරි මැදට පැමිණ තිබේ.ඒ අනුව මේ වෙනුවෙන් ඉදිරපත් වි  සිටි සියළු ටෙන්ඩර් ඉල්ලුම් කරුවන්ට කථාකොට නවත්වා සරත් පිලේ නාගරික මන්ත්‍රිවරයෙක් විසින් වෙනත් නමකට මෙවර නත්තල් පොළේ ටෙන්ඩරය ලබාගෙන ඇත.