තායිලන්තයේ ඇඟිලි තුනේ විරෝධය……

0
85

BpBYCTAIAAAMLCGBozqztMIcAADmWRcoup-protest-800x450ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපටටයක් වූ හන්ගර් ගේම්ස් හි භාවිතා කරන ලද ඇගිලි 3ක් යොදා ගනිමින් කරන සැලියුට් කිරීම මේ දිනවල තායිලන්තයේ ක්‍රියාත්මක හමුදා පාලනයට විරුද්දව පැවැත්වෙන ූඋද්ඝෝෂණ වලදී යොදා ගැනීමට එරට විරෝධතාකරුවන් කටයුතු යොදා ඇත. ඔවුන් මෙම ඇගිලි 3න් නිරූපනය කරන්නේ ස්වාධීනත්වය, සමානාත්මතාවය, හා සහෝදරත්වයයි.

එරට පවතින හමුදා පාලනය එරටට පැනවූ පළමු නීති අතර වූයේ පස් දෙනෙතකුට වැඩි  පිරිසක් එකම තැනක එකතු වීම තහනම කිරීමයි. නමුත් මෙම නීතිය එරට උද්ඝෝෂකයන්ව නැවැත්වීමට ප්‍රමාණවත් වූයේ නැත. ඔවුන් විවිධ ප්‍රදේශවල තම විරෝධතාව පලකරන්නට වූහ. මෙය ඉවසා ගතනොහැකි වූ එරට පාලනය මෙම විරෝධතාකරුවන්ව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදී.

මෙම ඇගිලි තුනේ විරෝධයට අමතරව ඔවුන් පොදු ස්ථාන වල සිටගෙන හෝ ඉදගෙන විවිධ පොත් පත්කියවිමින්ද මෙම විරෝධය පල කිරීම විශේෂත්වයක් විය. මාර්ග වල විරෝධතා පාගමන් නොයමින් හා විරෝධතා පුවරු ප්‍රදර්ශණය නොකරමින් මෙලෙස ිවිධ දේශපාලනයට සම්බන්ද පොත්කියවමින් ඔවුන් තම විරෝධය පලකරසිටියහ.

තායි රජකීය හමුදාව මැයි 20 වන දින මෙම නීතිය පැනවූ අතර ඊට දින දෙකකට පසු රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන ලදී. සති දෙකක් පුරාවට රාත්‍රියේදී ඇදිරි නීතිය පැනවූ ඔවුන් පසුව සංචාරක ප්‍රදේශවල පමණක් එම නීතිය ඉවත් කලෝය.එලෙසම මෙම කුමන්ත්‍රණයෙ ්මුල් කාලයේදී TV හා රේඩියෝ වල පාලනය ඔවුන් යටතට ගන්නා ලදී. 600ක් පමණ ජන්ද්‍රිකා මගින් පාලනය වන නාලිකා මෙ හමුදා පාලනය තහනම් කරන ලදී. නමුත් මේ සතියේ සිට CNN , BBC ,හා ජනප්‍රිය කාටූන් වැඩසටහන් සහිත නාලිකා 40කට පමණ ප්‍රදර්ශණ අයිතිය හිමිවිය.

මේ වන විට එරට මාධ්‍ය දැඩි නීතිමය රෙගුලාසි යටතේ පාලනය වන අතර ඔවුන් මාධ්‍යට කියා සිටින්නේ පරිපාලනය විවේචනය නොකරන ලෙසයි. එලෙසම එරට රජය ජනතාවට පවසන්නේ වැඩිපුර පුවත් දැන ගැනීම මගින් ජනතාව මානසික පීඩනයට පත්විය හැකි නිසා මෙලෙස මාධ්‍ය පාලනය කරන බවයි. එසේ කියන රජය, රජය විසින් ප්‍රකාශයට පත් කරන පුවත් පමණක් කියවීම සෞඛ්‍යට හිතකර බව ප්‍රකාශ කරන බවද වාර්ථා වේ.
.ග්ලෝබල් වොයිස් ඇසුරිනි
සටහන -චින්තිකා මිතිලායා.