මීගමුව පොලිස් අධිකාරි පක්ෂග්‍රාහිව කටයුතු කළා-ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය

0
174

6මාධ්‍යවේදින් වෙනුවෙන් ගවේණාත්මක පුවත් කලාව පිළිබදව මීගමුවේ ගෝල්ඩිසැන්ඩ් හෝටලේ පැවැති වැඩමුළුව දිගටම පවත්වාගෙන යාමට අවැසි පරිසරය ලබාදෙනවා වෙනුවට මීගමුව පොලිස් අධිකාරිවරයා කටයුතු කර ඇත්තේ කුලි උද්ඝෝෂකයන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් යැයි මෙම සිදුවිම වාර්ථා කිරිමට ගොස් සිටි මාධ්‍යවේදින් පවා පැහැදිලිව හැගි ගොස් තිබුණ අතර මේ පිළිබදව අදාල වැඩමුළුව සංවිධානය කළ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය පවා මේ ගැන සිය මතය ප්‍රකාශ කර ඇත.
කොටීන්ට සහාය දෙන බව සහ ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර විමර්ශනයකදී සාක්ෂී ලබාදීමට පුහුණුව ලබාදෙන බව පවසමින් අභූත චෝදනා නැගූ මෙම පිරිස වෙනත් ප්‍රදේශවල සිට වාහනවලින් මීගමුවට ප්‍රවාහනය කළ බවට සාක්ෂි පවතී.

මෙම වැඩමුළුව රට පාවා දෙන හෝ වෙනත් සැඟවුණු අපේක්ෂා ඇති වැඩමුළුවක් නොව ඉතාම නීත්‍යනුකූල මාධ්‍ය වැඩමුළුවක් බව එහි සිටි අප නියෝජිතයන් දිගින් දිගටම පවසද්දී උද්ඝෝෂකයන්ව විසුරුවා හැරීමට පොලීසිය කටයුතු නොකරන ලද අතර ඒ වෙනුවට වහාම වැඩසටහන අත්හිටුවීමට බලකරන ලදී.

එම ස්ථානයට පැමිණි පොලිස් අධිකාරී ජේ. කේ. එච්. ලියනගේ මහතා පැවැසූවේ මෙහිදී අප විසින් ගත හැකි ක්‍රියාමාර්ග දෙකක් පවතින බවය. එනම් වැඩසටහන වහාම නවත්වා ඉවත්වන්නේ නම් මීගමුවෙන් පිටවන තුරු ආරක්ෂාව ලබාදිය හැකි බවත් එසේ නොමැතිව වැඩසටහන දිගටම පවත්වාගෙන යන්නේ නම් ඔවුන්ට ආරක්ෂාව ලබාදිය නොහැකි බවත්ය.

උසස් පොලිස් නිලධාරියකු විසින් සිදුකරන ලද මෙම වගවීමෙන් තොර හා පක්ෂග්‍රාහී ප්‍රකාශය පිළිබඳ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය සිය බලවත් අප්‍රසාදය ප්‍රකාශ කර සිටී. උද්ඝෝෂකයින්ට අවශ්‍ය පරිදි පොලීසිය කටයුතු කිරීමෙන් පැහැදිලි වන්නේ අදිසි එමෙන්ම ප්‍රබල හස්තයක් ඒ පිටුපස ක්‍රියාත්මකවූ බවය.

මෙම වැඩසටහනට සහභාගීවූ මාධ්‍යවේදීන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය ලත් මාධ්‍යවේදීන් වන අතර කුලී උද්ඝෝෂකයන්ට අනුව ඔවුන් කොටි නියෝජිතයන් වන්නේ නම් ඔවුන්ට මාධ්‍යවේදීන් යැයි හැඳුනුම්පත් නිකුත් කිරීමේ වගකීම ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් බාරගත යුතුය.

එහෙත් ඔවුනට එලෙස අවාසනාවන්ත ලෙස කොටි ලේබල් අලවනු ලැබුවේ ඔවුන් දෙමළ භාෂාවෙන් කටයුතු කරන නිසා විය හැක. එය ජාතීන් අතර සංහිඳියාව සහ ප්‍රතිසංධානයට බරපතළ හානි සිදු කරයි.
අද දෙරණ ඇසුරිනි