වැරදි වෛද්‍ය වාර්ථා නිකුත් කළ රණවිර රු 10000 කින් වරැද්ද වහගන්න හදයි.

0
35

වැරැදි වෛද්‍ය වාර්ථා නිකුත් කිරිම හේතුවෙන් රෝගි ජිවිතයක් අනතුරේ හෙලු රණවීර නම් වු වෛද්‍ය රසායානාගාර පරික්ෂකවරයා පිළිබදව අප වෙබ් අඩවිය විසින් හෙළිදරව් කිරිමෙන් පසුව ඔහු සේවය කරමින් සිටි සියළු තැන් වල දොර වැසුණි.
මේ හේතුව නිසා වරින් වර මීපුරට කතා කරමින් තමන්ගේ වැරැද්ද වෙනුවෙන් යම් වන්දියක් හෝ ගෙවන්න සුදනම් යැයි රණවිර 2014 ජුනි 15 වෙනිදා මීපුර අමතමින් පවසා සිටියේ තමන්ගේ වැරැද්ද වෙනුවෙන් තමන් රු 10000 සන්තෝෂමක් දෙන බවත් හැබැයි තමන්ගේ සේවය අත්හිටුවා ඇති වෛද්‍ය මධ්‍යස්ථානවලට ඔහුගේ සේවය ලබාගැනිමට කටයුතු කරන්නට කියන්නැයි අපෙන් ඉල්ලා සිටින ලදි.
අප ඔහු වෙත පවසා සිටියේ අප කිසිවිටකත් අතයට ගණුදෙනු හරහා බරපතල වෘත්තිය වැරදි සිදුකළ රණDSC_0122විර වැනි අයට නිදොස් චරිත සහතික දෙන්නට සුදානම් නැති බවය.
ඔහු නියැලි සිටින වෘත්තිය අනුව වෛද්‍ය වාර්ථා 3 ක්ම වැරදි ඇති පසුබිමක අප පවසා සිටියේ ඔහු වැන්නෙකුට යළිත් මීගමුව තුල රොගින්ගේ ජිවිත අනතරේ හෙළිමට අප ජනතාවට වගකියන මාධ්‍යයක් ලෙසින් කිසිලෙසකින් වත් ඉඩක් නොතබන බවය.මේ නිසාම මීගමුවේ වෛද්‍ය මධ්‍යස්ථාන කිපයක්ම වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ සේවය අත්හිටුවිමට කටයුතු කර  තිබුණි.