තුර්කියේ ගුණ්ඩුස් සහ ලංකාවේ සුවේත???

0
86
Erdem Gündüz

suwetha

 

 

පසුගිය වසරේ ජුනි මාසයේ තුර්කි රජය විසින් ගේසි නම් වු උද්‍යානයේ ගස් කපා දමා එහි සාප්පු සංකිර්ණයක් ඉදිකිරිමට එරෙහිව වු දැවැන්ත ජනතා විරෝධය අරඹන්නට මුල්ව තිබුනේ ගුණ්ඩුස් නම් වු තරුණයෙකු පැය ගණනාවක් එක දිගට හිටගෙන තනිවම විරෝධය දක්වන්නට පටන් ගැනිමත් සමගින්ය.
standing man ලෙසින් මුළු තුර්කිය පුරා ප්‍රසිද්ධයට පත්වු ගුණ්ඩුස්ගේ මේ අධිෂ්ඨානශිලි විරෝධය අනුගමනය කරමින් තුර්කියේ ප්‍රධාන නගර ගණනාවක ප්‍රසිද්ධ ස්ථානවලට පැමිණි ජනයා හිටගෙන සිටිමින් විරෝධය පළකරන්නට පටන්ගති.
මෙය දැවැන්ත අරගල රැල්ලක් බවට පත්වෙමින් සමාජයේ විවිධ තාරතිරම් වල ජනයා තුර්කි පාලනයට එරෙහිව විදිබටහ.

බුද්ධාගම රැක ගැනීමේ නාමයෙන් දහස් ගණන් පිරිස් සාධු කාර දෙමින් බුදුන් වදාළ ධර්මයට නිගා දෙමින් හැසිරෙන අතර, ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ ජනතාව භයානක නිහඩතාවක ගැලී සිටියදී එක් තරුණයෙක් ඊයේ මහ මගට බැස සිය බෞද්ධකම ප්‍රදර්ශනය කළේය.

ලංකාවේද නව මාධ්‍ය අද වාර්ථා කර තිබුනේ මෙසේ තනිවම අළුත්ගම සිදුව ඇති අමානුෂික ක්‍රියාව පිළිබදව සිය විරෝධය ලකුණු කරනු පිණිස බොදු බල සේනා මුලස්ථානයට පැමිණ බිම වාඩිවි නිහඬ විරෝධය පළ කළ තරුණයකු පිළිබදවය.
එහෙත් වෙනස වන්නේ ඒ තරුණයාගේ ඒ අධිෂ්ඨානශිලිත්වය වටා පෙළගැසෙන්නට සමාජයක් ලංකාව තුල ක්‍රියාත්මක නොවිමයි.

‘අලුත්ගම බෞද්ධ ක්‍රියාවක් නොවේ’ යනුවෙන් පුවරුවක් ප්‍රදර්ශනය කරමින්, තුම්මුල්ලේ පිහිටි සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය අසල බිම වාඩි වී නිහඩව, හුදෙකලා සත්‍යග්‍රහයක යෙදුණු ඔහුගෙන් මාධ්‍ය විසින් විවිධ ප්‍රශ්න විමසූ අතර, ඔහු ප්‍රකාශ කළේ, බුදු දහමේ කිසිදු තැනක ‘ගහපිය මරපිය’ කියා නැති අතර බුදුන් වහන්සේ උගන්වා ඇත්තේ මෛත්‍රී කිරීමට බවයි. අලුත්ගම විනාශය බෞද්ධයන්ගේ ක්‍රියාවක් නොවන බවත්, බොදු බල සේනාව කරන කිසිදු කටයුත්තක් බුදු දහමට අනුකූල නැති බවත් ඔහු පැවසුවේය.

තමන්ට කිසිදු සංවිධානයක් නැතැයිද, තමන් නියෝජනය කරන්නේ මනුස්ස සංවිධානය යැයිද ඔහු කියයි.

මෙම ස්ථානයේ තනිව සත්‍යග්‍රහයේ යෙදෙන්නේ ඇයිදැයි, විකල්ප වෙබ් අඩවියෙන් විමසූ විට, අන්තවාදය ඉදිරියේ නිවට පිළිවෙතක් අනුගමනය කරන සියලු දෙනාගේ හෘදය සාක්ෂියට රිදවන ආකාරයේ අපූරු පිළිතුරක් ඔහු ලබාදුන්නේය.

”මෙතන නැත්නම් කොහේද?
අද නැත්නම් කවදාද?
මම නැත්නම් කව්ද? “

ඔහුගේ සහායට හිදගැනීමට තවත් එක් පුද්ගලයකු හෝ ඉදිරිපත් වූ බවක් වාර්තා වන්නේ නැත.

ලංකාවේ සිටින බෞද්ධයාගේ නම ‘සුවේත විජේනායක’ ය
මුලාශ්‍රය- ලංකාහෙරල්ඩ්

Erdem Gündüz
Erdem Gündüz