ධීවරයන් එපා කියන විකල්ප සහනාධාරවලට ආණ්ඩුව දැනටමත් කෝටි 15 ක් වැය කරලා?

0
66

sloganfinermanඋද්ඝෝෂණයේ යෙදුන ධීවරයෝ එකහෙළා පවසා සිටියේ තමන් හට අවැසි වන්නේ විකල්ප සහනාධාර වශයෙන් රජය තමන්ට බලහත්කාරයෙන් දෙන්නට යන දැල් ආම්පන්න නොව ඉහල දැමු තෙල් මිල අඩුකිරිම පමණක් බවය.
එහෙත් වඩාත් විශ්වාසදායක ආරංචි මාර්ග හෙළිකර සිටින්නේ ධිවර ආමාත්‍යංශය සහ දේශපාලන අධිකාරිය එක්ව දැනටමත් රු කෝටි 15 කටත් වඩා විකල්ප සහනාධාර ගෙනඒම වෙනුවෙන් වැය කර ඇති බවය.
තතු එසේ නම් ඊයේ මාරාන්තික උපවාසය අතහැර දැමු ධිවරයන්ට සැප්තැම්බරයේ සහන මිළට තෙල් ලැබේද යන්නයි.