පාප්තුමාගේ ලංකා ගමන මැතිවරණ ප්‍රචාරක උප්පරවැට්ටියක්ද ?

0
101

Pope_football_shir_2850727kPope_Francis_boy_h_2726433kPope_Francis_Buffo_2726465kපාප්තුමන්ගේ සංචාරය ජනවාරි මස යෙදෙන්නේ එතුමන් විසින් ආසියාවේ කරන්නට යෙදෙන සංචාරයක් පසුබිම් කරගෙනය.
එනම් ලංකාවටත් පසුව පිලිපිනයටත් යැමට උන්වහන්සේ සැලසුම් කර සිටි.
එහෙත් ලංකාව තුලදි මේ  ගමන යෙදි ඇති දිනවකවානුත් සමගින් සලකා බලන කල්හි ජාතික මැතිවරණයට පෙර මේ ගමන යෙදි තිබිම නිසා රාජපක්ෂ පාලනය මෙහි උපරිම ඵල නෙලාගැනිම සදහා දැනටමත් සැලසුම් කර ඇතිවාට සැකයක් නැත.
අතිශය දේශපාලනිකරණකට ලක්ව තිබෙන ශ්‍රි ලංකා කාර්දිනල් ධුරය මේ ක්‍රියාන්විතයේදි අතදිගහැර රාජපක්ෂ පාලනයේ  සුභ සිද්ධිය වෙනුවෙන් කටයුතු කරනු නොඅනුමානය.
ඒ සියල්ල දේශපාලන මෙහෙයුමක කොටසක් ලෙසින් අධ්‍යක්ෂණය වන්නේ නම් එය ප්‍රැන්සිස් පාප්තුමන් මෙතෙක් හිමිකරගනිමින් සිටි කිර්තිය හා ප්‍රසංසාවට කෙසේ නම් බලපාවිද ?
විශේෂයෙන්ම යුද්ධයෙන් පිඩාවට පත්ව සිටින දහස් ගණනක් වු ජනයාගේ දුක අත්දකින්නට එතුමන් උනන්දු නොවි රාජපක්ෂ පාලනයේ න්‍යාය පත්‍රය තුල සිරකරුවෙකු බවට පත්වන්නේ නම් මෙරට පිඩාවට පත් ජනයාගේ ප්‍රතිචාරය පාප් සංචාරය අරභයා කුමක් විය හැකිද ?