මානව හිමිකම් පිළිබදව තොරතුරු ඇතුලත් නවතම ප්රවෘත්ති වෙබ් අඩවියක් වන ‘අයිතිය’ ( www.aithiya.lk) වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදාහැරීම ඊයේට (26) යෙදී තිබු, වධහිංසාවට ලක්වූවන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දින සැමරුම් උත්සවයේ දී සිදු කෙරින. මෙය ලංකාවේ මානව හිමිකම් වෙනුවෙන් ක්‍රියාත්මක වන පළමු පුවත් වෙබ් අඩවියද වේ.
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය විසින් සංවිධානය කරනු ලැබූ මෙම උත්සවය කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි ඔලිම්පික් හවුස් හී දී ඊයේ සවස පැවැත්විණ.