මෝඩිව සතුටු කරන්න පකිස්ථානු සරණගාතයන් පිටුවහල් කරයිද?

0
111

සරණගාතභාවයට පත්ව මීගමුවේ රැදි සිටින පාකිස්ථානු ජාතිකයන් පවසන්නේ ඉන්දිය අගමැති මෝඩි විසින් ශ්‍රි ලංකා ජනපති වෙත කරන ලද දැනුම්දිමකට අනුව අත්අඩංගුවට ගෙන ඇති පාකිස්ථානු සරණාගතයන් 147 දෙනෙකු රටින් පිටුවහල් කිරිමේ සුදානමක් ඇති බවය.මේ අනතුරු ඇගවිම දැනමත් ජගත් මානව හිමිකම් සංවිධානයන් විසින් හෙළිදරව් කර තිබේ.
UNHCR ආයතනය හට  මෙම සරණාගතයන් බැහැදැකිමට ඉඩනොදිම පිළිබදව දැනටමත් සැකපහල කරන පාකිස්ථානු සරණාගතයන් පවසා සිටින්නේ බුස්සේ රදවා ඇති සිය ජනයා බැලිමට දැනට අවසර  ලැබි ඇත්තේ රතුකුරුස සංවිධානය වෙත පමණක් බවය.
මෙසේ සියලලන්ගෙන්ම වසන් කර මේ 147 දෙනාව කිනම් හෝ මොහොතක රටින් පිටුවහල් කිරිමට ඉඩ ඇතැයි මහත් සේ අසරණව ඇති මේ සරණාගතයෝ පවසා සිටිති.2