ඝාතනයට ලක්වු චමිලාගේ නඩුවේ විත්තියේ නීතිඥයන්ට චෝදනාවක්?

0
221

Chamila-Disanayaka2007 වසරේ නොවැ 12 වනදා මීගමුව රෝහලේ 6 වන මහලින් පහලට ඇද දමා ඝාතනය කරනු ලැබු චමිලා දිසානායකගේ නඩුව දැනට වසර 7 පුරාවට ඇසෙමින් තිබේ.
වරින් වර රජයේ නිතිඥයන් මාරුවු අතර දැනට කලක් තිස්සේ මේ නඩුවේ විනිසුරුවරයාද උසස්විමක් ලැබ නොබෝ දිනකින් මාරුවි යාමට නියමිත බවද වාර්ථා වේ.
මේ අතර කටුනායක නිදහස් වෙළද කලාපය අවට විශේෂ පෝස්ටරයක් මේ දිනවල ප්‍රදර්ශනය වේ.
එහි සදහන්ව ඇත්තේ විත්තියේ නිතිඥයන් නඩුව පමා කරමින් කුමක් හෝ වාසියක් ගැනිමට මාන බලමින් සිටින බවට වන ඇගවුමකි.
මේ නඩුවේ විත්ති පාර්ශවය වෙනුවෙන් ප්‍රධාන වැඩකොටසක් කරනු ලබන්නෙකු වන්නේ මීගමුවේ එක්සත් ජාතික පක්ෂයේ නිති ලේකම් වන ශ්‍රි ලාල් ප්‍රනාන්දු මහතාය.
නිදහස් වෙළඳ කලාපයේ කම්කරුවන් ට පහර දි ඝාතනයක් පවා සිදුකළ පොලිස් නිළධාරින් වෙනුවෙන්  පෙනි සිටියේද මේ නිතිඥවරයාමය.
යුක්තිය සාධාරණත්වය ගැන මේ මොහොතේ කෑමොර දෙන එක්සත් ජාතික පක්ෂය මෙවන් නිතිඥයෙකු සිය නිති ලේකම්වරයා ලෙසින් පත්කර තබාගැනිමම බරපතල අර්බුදයක් බව එක්සත් ජාතික පක්ෂයේ මීගමුවේ ජේෂ්ඨයෙකු මීපුරට පවසා සිටියේය.