මට විශාල ආසාධාරණයක් සිදු වුණා. – ආණ්ඩු පක්ෂ නාගරික මංතී‍්‍ර ඇන්ටනී විනිෂියස් කියයි.

0
92

      පසුගිය නොවැම්බර් 24 වැනි බ‍්‍රහස්පතින්දා පෙරවරුවේ මීගමුව නගරාධිපතිවරයා විසින් හදිසියේ විශේෂ සභා රැුස්වීමක් කැදවා තිබිණි. එම විශේෂ සභා රැස්වීමට පැමිණි මීගමුව මහා නගර සභාවේ ආන්ඩු පක්ෂ නාගරික මංතී‍්‍ර ඇන්ටනී විණිෂියස් මහතාගේ නෑදෑ හිතවන් පිරිසකට නගර සභාවට ඇතුල් වීමට යාමේදී එදින නගර සභාවට පැමිනි සිටි පොලිස් නිලධාරීන් පිරිසක් බාධා පමුනූවා ඇත. ඒ සිදුවීම නිසා එම සභා රැස්වීමට තමාට පැමීනීමට කෙටි කාලයක් ගිය බවත් එහිදී එම රැස්වීම අවසන් වී තිබූ බවද ඔහු පැවසීය. ඒ නිසා තමන්ට විශාල අසාධාරනයක් සිදු වී ඇති බවද ඔහු පවසයි.  එම සිදුවීම සම්බන්ධව ඔහු පැවසුවේ මෙවන් අදහසකි.
” පසුගියදා පැවැති මංගල මහා සභා රැුස්වීමට පැමිනීමට නොහැකි වුණු මාගේ ඥාතීන් හා හිතවතුන් පිරිසක් පසුගිය නොවැම්බර් 24 වැනිදා පැවැති විශේෂ සභා රැුස්වීම නැරඹීමට මා සම`ග පැමිණියා. එදින රැුස්වීම කැ`දවා තිබුනේ උදේ 10.00 ටයි. මමත් මාගේ ඥාතීන් හා හිතවතුන් පිරිත් එලෙසම නාගරික මංති‍්‍ර බන්ධුල නාඔටුන්න මහතාත් නගර සභාවට යන්න හදන කොටම මාගේ  ඥාතීන් හා හිතවතුන් පිරිසට නගර සභාවට ඇතු`ඵ වීමට අවසර නැති බව එතැන රැු`දී සිටි පොලිස් නිලධාරීන් ප‍්‍රකාශ කර සිටියා. එවිට මා ඒ අයට තවත් ආන්ඩු පක්ෂ නාගරීක මංතී‍්‍රවරයෙක් සම`ග පැමිණ සිටි විශාල පිරික් නගර සභාව තුල රැු`දී සිටිනවා පෙන්වමින් ඇසුවේ අර මංති‍්‍රතුමාට ඒ අයගේ පිරිසව අරං යන්න පු`ඵවන් නම් ඇයි මට මාගේ පිරිසව අරං යන්න බැරි කියලා. මම ආන්ඩු පක්ෂයේ මංති‍්‍රවරයෙක් කියලා. එතකොට ඒ පොලිස් නිලධාරියා කිව්වා, එහෙනම් නගරාධිපතිතුමාගෙන් අවසර ගන්න කියලා. පස්සෙදී අපිට දැනගන්න ලැබුණා එදා නගර සභාවේ ගැලරියත් වහලා දාල තිබුනා කියලා. එදා ඒ සභාව රැුස්කරලා තිබුනේ මීගමුව මහා නගර සභාවට ඉතාම වැදගත් වන පොලවල් වැනි ආදායම් මාර්ග ලැබෙන ටෙන්ඩර් සම්බන්ධ මහා සභාවේ අනුමැතිය ලබා ගැනීම. ඒවැනි වැදගත් අවස්ථාවක නාගරික මංති‍්‍රවරයෙක් විදිහට මගේ ස්ථාවරය ප‍්‍රකාශ කරන්න මට අවස්ථාවක් ලැබුනේ නැහැ. එදා හරියටම උදේ 10.00 වෙද්දී රැුස්වීම පටන් අරගෙන. 10.05 , 10.10 වාගේ බොහෝම කෙටි කාලයක් තුල ඒ ටෙන්ඩර් සියල්ලම අනුමත කරගෙන රැුස්වීමත් අවසන් කරලා තිබුනා. ඉතින් පොලිසිය බාධා පැමිණවිමේ සිදුවීම නිසා මටත්   නාගරික මංති‍්‍ර බන්ධුල නාඔටුන්න මහතාටත් ඊට සහභාගී වෙන්න බැරිව ගියා. මම හිතන්නේ මේක බොහෝම සැලසුම් සහගතව පොලිස් නිලධාරීන් යොදවලා කරපු දෙයක්. ආන්ඩු පක්ෂ නාගරික මංති‍්‍රවරයෙක් හැටියට මේක මට කරපු විශාල අසාධාරනයක් කියලයි මම හිතන්නේ. ”