”අපි වැඩමුළු පවත්වනවා පුළුවන්නම් නවත්තපල්ලා”මාධ්‍ය සංවිධාන රජයට අභියෝග කරති.

0
71

පසුගිය මාස කිපය තුල මාධ්‍යකරුවන් වෙනුවෙන් සංවිධානය කෙරුණ විවිධ වැඩමුළු වලට බාධා එල්ල කරමින් රජය ගෙන ගිය මැර පිළිවෙතට විරෝධය පළකරමින් මාධ්‍ය නිදහස සදහා වු ක්‍රියාකාරි කමිටුව විසින් 2014 ජුලි 30 වනදා ශ්‍රි ලංකා පුවත් මණ්ඩල ශ්‍රවණාගාරයේදි විශේෂ පුවත්පත් සාකච්ජාවක් කැදවා තිබුණි.
මෙහිදි අදහස් ඉදිරිපත් කල සියළු මාධ්‍ය සංවිධාන   නියෝජිතයන් පවසා සිටියේ වැඩමුළු පැවැත්විමට රජයේ මැර කල්ලි ගෙන යන නින්දිත බියගුළු වැඩපිළිවෙලට එරෙහිව උතුරේ සහ දකුණේ මාධ්‍යකරුවන් වෙනුවෙන් මාධ්‍ය වැඩමුළුවක් තවත් නොබෝ දිනකින් පවත්වන පවත්වන බවත් හැකි නම් පැමිණ එය කඩාකප්පල් කරන ලෙසත්ය.එමෙන්ම වත්මන් රජය යටතේ මාධ්‍ය නිදහසට අත්ව ඇති ඉරණම පිළිබදව මේ රටේ සියළුම තනාපති කාර්යාල දැනුවත් කිරිමටද පියවර ගන්නා බවද ඔවුන් අවධාරණය කර සිටියහ.
මෙහිදි  මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුවේ  සමන් වගආරච්චි,ධර්මසිරි ලංකාපේලි, මන්දනා ඉස්මයිල්,නික්සන් ,ලසන්ත රුහුණගේ ,චන්දන සිරිමල්වත්ත ,එම් අමින් සහ ප්‍රෙඩි ගමගේ යන අය අදහස් දැක්වුහ.863571http://lankafocusnews.com/?p=26633#more-26633