මීගමුවේ විපක්ෂය ආණ්ඩුවට කඩේ යයි

0
39

මීගමුව අද පාලනය කරන්නේ වැල්ලවිදියේ එක පවුලක් විසිනි.මැතිවරණ පැවැත්වෙන්නේ චරිත්‍රාණුකූලව පමණි.විපක්ෂයක් සිටියද ඉන් වැඩිදෙනෙක් පස්සා දොරෙන් සේවය කරන්නේ ආණ්ඩුවේ ප්‍රබලයෙකුගේ එහෙයින් ලෙසින්ය.(නැතිනම් ඉලව්ගෙවල්වලට මගුල් ගෙවල්වලට සල්ලි ඉල්ලා ගැනිමට බැරිය.)මේ නිසා මීගමුවේ ජනතාව වෙනුවෙන් කිසිවක් මේ විපක්ෂයෙන් සිදුවේ යැයි බලා සිටිම විහිළුවකි.

මීගමුව නගර සභාවට වැඩිම අදායම් ලබාගැනිමට අවස්ථාව තිබුණ පොලවල් ටෙන්ඩර් කිරිමේ කටයුත්තේදි මුදල් කාරක සභාව  නියෝජනය කරන විපක්ෂ නියෝජිතයා වු කැලිසන් ජයකොඩි පලාත් පාලන ක්‍රියාපටිපාටින්ටද එරෙහිව ආණ්ඩු පක්ෂය කටයුතු කරද්දි මීක් ගෑවේ නැත.

මේනිසා 2011 වසර සදහා නත්තල් පොල නගර සභාවේ ගණාකාධිවරියගේ සහ කොමසාරිස්තුමාගේ නිර්දේශද මත තොරාගෙන සිටි ටෙන්ඩර්කරු හට දෙනු වෙනුවට නගර සභාවට පවරා ගනිද්දි කලින් වතාවල සිදුවු වංචා දුෂණ ගැන කියන්නට කැලිසන් ජයකොඩි මන්ත්‍රිට කටක් තිබුනේ නැත.( අප දන්නා තරමින් ඔහුට ඇත්තේ බඩක් පමණි )

එපමණකද්ද නොව නගරයේ අදායම් ගත හැකි පොලවල් ටෙන්ඩර් නොකරම පරණ අයට දෙන්නට මුදල් කාරක සභාවේ නිර්දේශ කරද්දි කැලිසන් ජයකොඩි පෙනි සිටියේ ජනතාවගේ පැත්තේද ? නැත

කපිලට කොන්දක් ඇත. කැලිසන්ට බඩක් ඇත.

මේ මුදල් කාරක සභාව ආණ්ඩුපක්ෂයේ හිතවතුන්ට නගරයේ අදායම බන්දේසියක තබාදෙන්නට කැදවු එකක් වි තිබුන තත්වයක් තුල ඒ අවනිතියට එරෙහිව කොන්ද කෙලින් තියාගෙන ප්‍රශ්ණ කර තිබුනේ ආණ්ඩු පක්ෂයේ කපිල  නන්ද සුලෝචන මන්ත්‍රිවරයා  පමණි.ඔහු සිය විරෝධය තර්කාණුකුලව ගෙන හැර දැක්විමෙන් අනතුරුව මුදල් කාරක සභාවෙන් නැගිට ගොස් තිබුනේ ඔහුගේ විරෝධය ශක්තිමත් ලෙස සටහන් කරවනු පිණිසය.

මේ කාරක සභා නිර්දේශයට මහ සභා අනුමැතිය ගැනිම සදහා පොලිස් ආරක්ෂාවද යොදා පැවැති විනාඩි 10 යේ විශේෂ හදිස්සි මහසභාවේදි විපක්ෂයේ කිසිවෙක් එරෙහිව චචනයක් කිවේ නැත.( ජවිපෙ නියෝජනය කළ ශිරාන්ලා වැනි මන්ත්‍රවරයෙක් නොමැතිකමේ අඩුව ) මෙහිදිද සිය විරෝධය ලකුණ කර තිබුනේ කපිල මන්ත්‍රිවරයා පමණි )