රොයිස් විජිත හිරගත කොට තබාගැනිමේ නාටකයේ අවසන් ජවනිකාව අගෝ 22 වනදා ?

0
91

මීගමුවේ ජුවෙල් ලංකා මංකොල්ලයේ ප්‍රධාන සැකකරු යැයි කියමින් 2014 පෙබරවාරි 22 වනදා අත්අඩංගුවට ගැණුනි.
ත්‍රස්තවාදය වැලැක්විමේ පණත යටතේ මාස 3 ක් රදවා ගැණුනද ඒ තෙමස තුල ආදාල පණත යටතේ චෝදනා ගොනු කිරිමට කිසිදු සාක්කියක් පොලිසියට සොයාගත නොහැකි වු නිසා ගිනි අවි ලග තබාගත්තේ යැයි කියමින් නඩුව මහාධිකරණය වෙත යොමු කෙරුණි.
නඩු වාර ගණනාවක් පසුවුවද පසුව පැවසුනේ ගිනි අවි පණත යටතේ මහාධිකරණයට ඇප ලබාදිමට නොහැකි බවය.
ඒ අනුව ඇප ඉල්ලිම වෙනුවෙන් මහේස්‍රාත් අධිකරණය වෙත දැන් යොමුව තිබේ.
මෙහි පළමු නඩු වාරය 2014 අගෝස්තු 08 වනදා මීගමුව මහේස්ස්‍රාත් අධිකරණයේ පැවැත්වුණි.
මෙහිදි අවධානයට යොමුකෙරුණ කරුණු ගණනාවක් විය.
1.මෙම නඩුවට අදාලවම මුලින්ම අත්අඩංගුවට ගැණුන කොස්තා නැමැත්තා මේ නඩුවට අදාලය ගිනි අවි සම්බන්ධයෙන් පොලිසිය කිසිදු කරුණක් ඉදිරිපත් කර නොතිබුණි.මේ නිසාම අත්අඩංගුවට පත්ව දින දෙකක් ඇතුලත නිදහස් කෙරුනේ ඇප ඉල්ලිමක් වත් ඔහු විසින් සිදු කර නොතිබියදි පොලිසියේ බලවත් උවමනාව පිටය.
එසේ නම් දැන් රොයිස් විජිතට අදාලව ගිනි අවි කථාවක් දැන් මතු කරන්නේ කෙසේද ?
2.ගිනි අවි ලග තබාගැනිමට අදාලව සැකකරුවෙකු අත්අඩංගුවට ගැණුනේ නම් එය නීතිපතිවරයා වෙත පැය 24 ක් ඇතුලත වාර්තා කළ යුතුව තිබේ.
එහෙත් රොයිස් විජිතට අදාලව නීතිපතිවරයා වෙත එවැනි පැමිණිල්ලක් ඉදිරිපත් ව නැත.
3.මීගමුව කොට්ටාශ පොලිස් අධිකාරිවරයා වරක් මීගමුව පොලිසියේ රැස්විම් ශාලවේදි පැවැති ප්‍රසිද්ධ රැස්විමකදි පවසා සිටියේ ජුවෙල් ලංකා කොල්ලයේ මහමොළකරු මීගමුව කොටුව පිට්ටනියේ වැල්ලට ගොස් ෂොපින් උරයකට තප්පර ගාණක් ඇතුලතදි දමා ගත හැකි වැලි අහුරු ප්‍රමාණය මනිමින් මුදල් බැග් වල දාම ගැනිමට යන කාලය පවා ගණනය කළ අයුරු දැක්වෙන විඩියෝ පටයක් ඔහු සතු බවත් එය අවැසි නම් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට තමන් සුදානම් බවත්ය.
ඔහු විසින් මෙය පවසා සිටියේ අප්‍රේල් මාසයේදි වුවත් අද වන තුරුත් පොලිස් අධිකාරිවරයා මේ ගැන කිසිදු අධිකරණයක් හමුවේ පවසා නැත.
4.ඊයේ පැවති නඩුවිභාගය අතර තුර මේ නඩුවේ දැන් කථාබහට ලක්වන ගිනි අවිය ලියෙන් නිමකළ එකක් යැයිද පොලිසිය විසින් දන්වා තිබේ.
මීගමුව මහේස්ස්‍රාත් අධිකරණයේ මීළඟ නඩු දිනය අගොස්තු 22 වනදා ට යෙදි ඇත.එනම් බස්නාහිර පළාත් සභා මන්ත්‍රි මීගමුව එජාප ආසන සංවිධායක රොයිස් විජිත අත්අඩංගුවට ගෙන මාස 6 ක් පිරෙන දිනයේදිය.

5.මංකොල්ලය සිදුකරන ලද අය හදුනාගැනිම සදහා පැවැති පෙරෙට්ටුවේදි ඒ කිසිවෙකු හදුනා ගැනුනේද නැත.

රොයිස් විජිත ඇතුලේ රදවාතබාගැනිමේ නාටකය අගෝස්තු 22 වනදායන් අවසන් විමට නියමිත බව මීගමුවේ එජාප ක්‍රියාකාරින්ගේ විශ්වාසයයි.roies new