මීගමුවේ යළිත් ඩෙංගු හිස ඔසවන ලකුණු….???

0
60

පසුගිය මාසයේදී මීගමුව සහ සීදුව යන ප්‍රදේශ වල ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය සංඛ්‍යාත්මකව ඉහළ ගොස් ඇති අතර ඩෙංගු උණ වැළඳී පාසල් සිසුවෙකු ද මිය ගියේය. මීගමුව රෝහල් ආරංචි මාර්ග අනුව ඩෙංගු උණ වැළඳුන පුද්ගලයන් 50ක් පමණ මීගමුවෙන් වාර්තා වන අතර 40 ක පමණ රෝගීන් සංඛ්‍යාවක් සීදුව ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. පසුගිය මාසයේ ආරම්භ වූ වර්ෂාවත් හේතුකොටගෙන ඩෙංගු මදුරුවන් බෝවීමේ ක්‍රියාවලිය ඉතා සීඝ්‍ර විය  හැකි අතර, ජලය රෑදෙන ස්ථාන ද බහුල වීම ඩෙංගු වර්ධනය වීමට තවත් හේතුවකි. 2010 වසරේ ඩෙංගු වැළඳීමෙන් මීගමුව ප්‍රදේශයේ මරණ 05 ක් පමණ වාර්තා විය.