කටුනායක ශු.පේදුරු පාවුළු දෙව්මැදුරේ ඉරු දින දිව්‍ය පුජාව අද උදේ වරුවේ පැවැත්වෙමින් තිබිණ.
සියල්ලෝ සැදැහැවත් සිතින් යුතුව පුජා යාගයට සහභාගි වෙමින් සිටියදි හදිස්සියේම දුටු දසුනින් සියල්ලෝම කලබලයට පත්වුහ.
ඒ T 56 ක් රැගත් පොලිස් නිලධාරියෙකු හදිස්සියේම පල්ලියේ අල්තාරය අසලට පැමිණි නිසාය.මේ නිසා කලබලයටත් කෝපයටත් පත් ජනයාගේ විරෝධය මොහොතකින් අර පොලිස් නිළධාරියා වෙත එල්ල විය.දිව්‍ය පුජා යාගයද අතර මග මදකට නැවතිණ.
දිව්‍ය පුජාවේ ශබ්දය වැඩි යැයි කියමින් එය පාලනය කළ යුතු බව දන්වන්නට මේ පොලිස් නිලධාරියා පැමිණියේ යැයි පසුව දැනුම් දි තිබුණි,
කටුනායක පාසැලේ අද පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයට පල්ලියේ ශබ්දය බාධාවක් යැයි කියමින් පොලිසිය මෙසේ මැදිහත්ව තිබුණි.
කෙසේ වෙතත් ආයුධයක් අතැතිව පොලිසිය දෙව්මැදුරට පැමිණිම ගැන කිතුණු ජනයා පොලිසියට සිය විරෝධය තදින්ම පළ කර තිබුණි.