“සති පියතුමා, කරුණාකර වාහාම ඔබේ කොළඹ නිවසට පැමිණෙන්න. අප ඔබ ගැන සැලකිලිමත්.” ඒ, ගරු සතිවේල් පියතුමා පසුගිය සෙනසුරාදා (අගෝ 17) දින වේයන්ගොඩ සිය මීසම් ගෘහයේ සිටින විට කොළඹ සිටින පියතුමාගේ ශ්‍රේෂ්ඨ පියවරුන් විසින් පියතුමා ඇමතු ක්ෂණික ආමන්ත්රණයයි.
ගරු මාරිමුත්තු සතිවේල් පියතුමා හට පසුගිය ඉරුදින එනම් ඊයේ (අගෝස්තු 18) සිය වේයන්ගොඩ දේවස්ථානයේ පැවැත්වීමට නියමිතව තිබු ඉරිදා දේව මෙහෙය එසේ පවත්වන්නට නොහැකි වු බවත් තාවකාලිකව එම දේවස්ථානයේ සේවය කිරිම අත්හිටුවීමට සිදු වී ඇති බවත් එය තමන්වහන්සේ පූජකයෙකු ලෙසට තමන්ගේ මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය කරවීමක් බවත් ගරු සතිවේල් පියතුමා අයිතියට ප්‍රකාශ කළේය. මේ පිළිබඳව ඇන්ග්ලිකන් සභාවේ කොළඹ රදගරු අති උතුම් ඩිලෝරාජ් කනගසෙබෙයි හිමිපාණන් විශේෂ නිල ප්‍රකාශයක් ද නිකුත් කර ඇත.
ගරු පියතුමා පසුගිය සෙනසුරාදා (අගෝස්තු17) වර්තමානයේදි තමන් සේවය කරන වේයන්ගොඩ මීසමේ සිට, එළඹෙන ඉරුදින දේව මෙහෙයට සුදානම් වෙමින් සිටිය දි තමන්ගේ ශ්‍රේෂ්ඨ පියතුමෙකුගෙන් හා රදගුරුහිමිගෙන් ලැබුණු පණිවුඩයට ප්‍රතිචාර දක්වමින් වහාම කොළඹ බලා පිටත්වන්නට සිදුවි ඇත.
“මා කොළඹ පැමිණ මගේ සභා ශ්‍රේෂ්ඨයින් මුණගැසුණු විට මා හට දැන්වුයේ ඔවුනට ලැබුණු රහස්‍ය තොරතුරකට අනුව, මා ඉරුදින දේව මෙහෙය සිදුකරන්නට ගියවිට ජනතාව ලවා කුමක් හෝ කලබලයක් ඇති කරවීම සඳහා ඒ වන විට වේයන්ගොඩ ජනතාව කුපිතකරවා ඇති බවයි. එබැවින් මාගේ ආරක්ෂාව පතා වහා ක්‍රියාත්මක විය යුතු බව මාහට පැවසුවා.”
“කිසිම සාධාරණ හේතුවක් නොමැතිව, මා පූජකයෙකු ලෙසට ප්‍රධාන කොටම මගේ අයිතිය උල්ලංඝනය වී තිබෙනවා . මගේ ශ්රේෂඨයින් හට ලැබුණු ඒ රහස්‍ය තොරතුරෙහි අඩංගු වි තිබෙන කාරණාවට, එදා සී එස් ආර් මධ්‍යස්ථානයට පැමිණ අතුරුදහන්වුවන්ගේ හමුව කඩාකප්පල්කර, අපි සියලූ දෙනා දේශද්‍රෝහීන් ලෙසට නම්කළ, මා මගේ කිතුණු සභාවෙන් නෙරපා දමා ඇති, තවදුරටත් පූජකයෙකු නොවන තැනැත්තෙක් ලෙසට නම්කළ ඒ බොදුණ චීවරධාරීන් ඇතුළු පිරිසගේ සම්බන්ධයක් තිබෙන බවට සැක පහළ වනවා.” යැයි ගරු සතිවේල් පියතුමා අයිතියට ප්‍රකාශ කළේය.
අගෝස්තු මස 04 වනදා මරදාන සමාජය හා සාමයීක කේන්ද්‍රයේ පැවති රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ, අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව විසින් සංවිධානය කළ උතුරේ අතුරුදහන්වුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ එම රැස්විම කඩාකප්පල් කළ ආකාරය ගැන ද පසුදා එකී කලහකාරි බොදුණු භික්ෂූන්වහන්සේලා සහ පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් මාධ්‍ය සාකච්ඡව් පවත්වා ගරු සතිවේල් පියතුමා වෙත එල්ලකළ චෝදනා පිළිබඳව සිහි කැඳවමින් එවැනි වු සාමකාමී රැස්වීමකට එදිරිව සිදුකළ එම ක්‍රියාවන්වලට කුමන ආකාරයකින් හෝ සමාව දිය නොහැකි යැයි විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඇන්ග්ලිකානු සභාවේ කොළඹ රදගුරු අති උතුම් දිලෝරාජ් කනගසෙබෙයි හිමිපාණන් ප්‍රකාශ කළේය.
“ගරු එම් සතිවේල් පියතුමා වසර 25කට වඩා කොළඹ පදවියේ සේවයකරන එමෙන් ම සාමය හා සාධාරණත්වය වෙනුවෙන් නොයෙකුත් කණ්ඩායම් හා එක්ව ක්‍රියාකරන විශ්වාසනීය පියතුමෙක් බව ගරු සතිවේල් පියතුමාගේ රදගුරුවරයා වශයෙන් මා සහතික ලෙසට ප්‍රකාශ කරනවා.” යැයි රදගුරු අති උතුම් දිලෝරාජ් කනගසෙබෙයි හිමිපාණන් නිකුත් කළ එම නිවේදනයේ සඳහන් කරයි.
එමෙන්ම, “මගේ යැදුම්වලදී මා, ගරු පියතුමා සිහිපත් කරන අතර, අපගේ සමිදාණන්ගේ ද දුත කාර්යයෙහි කොටසක් වු ගරු සතී පියතුමා විසින් නියැලී සිටින ඒ නිර්භීත වු දුත කාර්යය ගැන මා දෙවිදුන් යදිනවා.” යැයි නිවේදනයේ සඳහන් කරයි.
වගකිව යුතු රජයක් ලෙසට ආගමීක සහජීවනය විනාශවන්නට ඉඩ නොදී ,එල් එල් ආර් සී වාර්තාවේ සටහන්කර ඇති පරිදි එකී නිර්දේශ නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කරමින් ,මෙරට සියලූම ජනතාවට භාෂණයේ , අදහස් ප්‍රකාශ කිරීමේ සහ රැස්වීමේ අයිතිය භුක්ති විඳින්නට හැකි ආරක්ෂාවත්, නිදහසත් ලබා දීම රජයේ වගකීම යැයි ගරු සතිවේල් පියතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
– MMP