මීගමුව ශ්රිලනිප ආසන සංවිධායක ඇමති සරත් ගුණරත්න සහ පළාත් සභා ඇමති නිමල් ලංසා අතර කලක පටන් පැවැති ගැටුම පසුගිය කාලය තුල අළුත් මුහුණුවරක් ගත්තේ ලංකාදිප පුවත් පත ඔස්සේ ඇරඹි ලිපි මාලාවක්ද පසුබිම් කරගෙනය.විදෙස් ගතව සිටි ඇමති ලංසා පසුගිය බදාදා දින යළි දිවයිනට පැමිණි පසු මේ දෙදෙනා අතර සටන එළිපිටම සිදුවනු ඇතැයි අපි සදහන් කළෙමු.
2014 .08.24 වනදා ලංකාදිප පුවත්පතට සම්මුඛ සාකච්ජාවක් ලබාදෙන ඇමති නිමල් ලංසා මීගමුව ආසන සංවිධායක වන සරත් ගුණරත්නව පැහැදිලි විවේචනය කරමින් ප්රසිද්ධ අභියෝගයක්ද කර තිබේ.
එනම් ප්රසිද්ධ විවාදයකට එන ලෙසය.
එපමණක් නොව සරත් ගුණරත්න යනු කුමන්ත්රණකරුවෙක් යැයිද ඔහු සදහන් කර තිබේ.
කෙසේ වෙතත් මේ ගැටුම ඉදිරියටත් ඇදෙනු ඇත.
ආණ්ඩු පක්ෂය තුල ඇති කල්ලිවාදය ගම්පහ දිස්ත්රික්කය තුලින් දැන් එළියට පැන ඇත.
ඇමති ලංසා බැසිල් රාජපක්ෂගේ ගෝලයෙකි.
එහෙත් දිස්ත්රික්කය තුල පැරණි ශ්රිලනිප දේශපාලකයන් කිසිවෙකුත් ලංසාට කැමති නැත.
මේ අනුව දැන සටන ඇවිල යන්නට නියමිතව ඇත්තේ පැරණි ශ්රිලනිප දේශපාලකයන් සහ එක්සත් ජාතික පක්ෂයේ සිට 1994 න් පසු ශ්රිලනිපයට එක්වු පිරිස් අතරය.
ඇමති සරත් ගුණරත්න එජාප භිෂණ සමය තුල රටින් පැනගියා යැයි කියන ඇමති නිමල් ලංසාට අමතකව ඇති කරුණු වන්නේ අද මීගමුව පාලනය කරන ලංසා පවුල එදා අයත් වන්නේ ඒ භිෂණය නිර්මාණය කළ එජාපයට බවය.
බැසිල් රාජපක්ෂ යනු පැරණි එක්සත් ජාතික පාක්ෂිකයෙකි.ඔහුගේ තරුණ ගෝලයා වන ඇමති නිමල් ලංසාද එසේමය.
දැන් අපට ඇත්තේ හොඳ හොඳ සෙල්ලම් තවත් කළඑළි බසින තෙක් විමසිලේලෙන් බලා සිටින්නටය.
ආණ්ඩුවේ ඉරිතැලිම මෙසේ ලකුණු වෙමින් තිබේ.