මීගමුව නගරාධිපතිට මරණ තර්ජනය කළේ කව්දැයි හෙළිවෙයි ?

0
65

NGB mayorමීගමුව නගරාධිපතිවරයා සිය නිල කාර්යාලයේදි විශේෂ මාධ්‍ය හමුවක් කැදවා තිබුණි. ඒ ඔහු වෙත කිසියම් කණ්ඩායමක් විසින් කරන්නට යෙදුන මරණිය තර්ජනයක් සම්බන්ධයෙනි.
තමන් වෙත ලැබුණ පැමිණිල්ලකින් කියැවි තිබුනේ ඉඩමක් සහ පාරක් බොරළු කියම් 45 ක් යොදාගනිමින් කර තිබුණු පිරවිමක් හේතුවෙන් අසල  ව්‍යාපාරික ස්ථානයට ජලය ගලා ඒමේ තත්වයක් ඇතිව තිබෙන බවය.
පසුව මේ ගැන කරන ලද විමර්ශනයකින් පසු මෙසේ පාරට සහ ඉඩමට යෙදු බොරළු ඉවත් කරගැනිමට  කටයුතු කරන ලෙස ඉල්ලිමින් ලිබිත ඉල්ලිමක් කර තිබුණි.
එහෙත් අදාල පුද්ගලයා ඒ සදහා ප්‍රතිචාර නොදැක්විම නිසා නගරාධිපතිවරයාගේ නියෝගයෙන් එහි කම්කරුවන් යොදා ඒ පාර අන් අයට කරදයක් නොවන ලෙසින් බොරළු ප්‍රමාණය ඉවත් කර තිබුණි.
මේ නිසා කිපුණු පිරිසක් 2014 අගෝස්තු 22 වනදා සවස මරණිය තර්ජනය කරමින් දුරකථන ඇමතුම් ගණනාවක් ලබාදි තිබුණු.
මේ ගැන  පොලිසියට cib 93/492 යන අංකය යටතේ පැමිණිල්ලක් සිදුකර ඇත.
කඩිනමින් විමර්ශන කටයුතු ඇරඹිම සදහා ගරු අධිකරණයෙන් අවසර ලබාගනිමින් තර්ජනය කර ඇති දුරථතන අංකය සියළු විස්තර දැනගෙන තිබේ.පොලිසිය දැනට තහවුරුකරගෙන තිබෙන විස්තර වලට අනුව අදාල දුරකථන අංකයේ හිමිකරුගේ තලවිල ප්‍රදේශයේ අයෙකු බව පවසයි.
කෙසේ වෙතත් තහවුරු නොකල ආරංචි මාර්ග පවසා සිටින්නේ මෙම තර්ජනයට සම්බන්ධ පුද්ගලයන් පසුගිය කාලය තුල නිතිවිරෝධි ලෙසින් පුද්ගලයින් ඕස්ට්‍රේලියාවට යැවිමට කටයුතු කළ මීගමුව දූව ප්‍රදේශයේ අය බවයි.
මේ අතර දේශපාලකයන් කිපදෙනෙකු විසින් මෙය සමාදනයෙන් බේරා ගැනිමට කටයුතු කරන ලෙස නගරාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැත් ඔහු පවසා සිටින්නේ තමන් කැමති වන්නේ ආදල පාර්ශවයන් අධිකරණය හමුවට පැමිණිමෙන් පසු පමණක් තමන් සාමාදානය ගැන කථාකළ හැකි බවය.