සම්මානණීය සිනමා කැමරා ශිල්පි ඇන්ඩෘ ජයමාන්නගේ අවසන් කටයුතු මීගමුවේදි.

0
80

සම්මානණීය සිනමා කැමරා අධ්‍යක්‍ෂවරයෙකු  සිනමා හා රූපවාහිනී පාඨමාලා  උපදේශකයෙකු වූ ප‍්‍රවීණ සිනමා කලාකරු Androo jayamanna මහතාගේ දේහය සිකුරාදා දින එනම් සැප්තැම්බර් මස 05 දින    මෙරටට ගෙන එන්නට අවශ්‍ය සියළු කටයුතු සූදානම් කොට ඇත. සිකුරාදා කටුනායක ගුවන් තොටුපළින් මීගමුව මල්ශාලාවක තැන්පත්   කිරීමෙන් අනතුරුව  දේහය සෙනසුරාදා උදෑසන 9.00ට ජාතික කලාභවන වෙත මහජන ගෞරවය සහ කලාකරුවන්ගේ ගෞරවය පිදීම උදෙසා  රැගෙන එනු ඇත .

එහිදී ජාතික කතෝලික සිනමා පර්ෂදය නියෝජනය කරමින්   අර්නස්ට් පෝරුතොට පියතුමා, බෙනඩික් ජෝෂප් පියතුමා සහ සිරිල් ගාමිනී පියතුමා විසින් ආගමික දේව මෙහෙයක් පවත්වනු ලැබේ.   ඉන් අනතුරුව ඇන්ඩෘ ජයමාන්න දේහය එදිනම සවස 4.00ට යළිත් මීගමුවේ අංක 50 , ඒත්තුකාල පාර, කට්ටුව, මීගමුව  යන ලිපිනයෙහි   පිහිටි ඇන්ඩෘ ජයමාන්න මහතාගේ සහෝදරියගේ නිවසේ තැන්පත් කිරීමෙන් පසු ඉරිදා සවස 3.30ට ආගමික දේව මෙහෙය කිරීමෙන් අනතුරුව සිනමා අධ්‍යක්‍ෂවරුන් වෙනුවෙන් ප‍්‍රවීණ සිනමා අධ්‍යක්‍ෂ ධර්මසිරි බණ්ඩාරනායක මහතා විසින් ඇන්ඩෘ ජයමාන්න මහතා පිළිබඳව කරණු ලබන ගුණකථනයෙන් පසු  පෙරියමුල්ල තුෂාරියේ අප ස්වාමිදුවගේ දේවස්ථාන සුසාන භූමියේදී භූමදාන කටයුතු  සිදු කිරීමට නියමිතය.
(මිරර් ආට්ස් ඇසුරිනි)