මීගමුව පොලිස් අධිකාරි සති දෙකෙන් අල්ලනවා යැයි කියු ඇපල් රුවන් මාස 4 කට පසු කොටුවෙයි?

0
50

මීගමුවේ ජුවෙල් ලංකා කොල්ලය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනිමට නියමිතව සිටි ඇපල් රුවන් නැමැත්තා දෙසතියක් ඇතුලත අල්ලා ගන්නා බව 2014 අප්‍රේල් මස පවසා සිටියේ මීගමුව ජේෂ්ඨ පොලිස් අධිකාරි වරයා විසිනි.
ඇපල් රුවන් මැලේසියාවේ සිටින තැන ටක්කෙම දන්නා බවද ඔහු පවසා සිටියේ මීගමුව පොලිසියේ පැවැති විශේෂ රැස්විමකදිය.
කෙසේ වෙතත් ආගමන නිතිරිති උල්ලංඝනය කරමින් රැදි සිටින්නන්ගේ නාම ලේඛනයක ඇපල් රුවන් ගේ නමද සදහන් ව තිබුනෙන් ඔහුව අත්අඩංගුවට ගන්නට මැලේසියානු පොලිසිය කටයුතු කර ඇති බව ලංකා පුවත් වෙබ් අඩවිය වාර්ථා කර ඇත.