සොඳුරු මිනිසෙකුගේ නිහඬ නික්ම යෑම….

0
48

jayanethi 4jayaneththi 1jayaneththi 2jayanethti 3jayanethti 5

ජයනෙත්ති ඇතුළු පිරිස විසින් සංවිධානය කළ කපුගේ සමරු ප්‍රසංගය
ජයනෙත්ති ඇතුළු පිරිස විසින් සංවිධානය කළ කපුගේ සමරු ප්‍රසංගය

kapu 2kapuge 1

හේ  ජයනෙත්ති නම් විය.පස්සර උපන්ගම කරගත් ඔහු සැබැවින්ම ජිවත්වුයේ ලෝක ගම්මානය තුලය.
මාස ගණනක් අනේක වු දුක්පිඩා විඳ ඉතාලිය බලා ගිය ගමනම එහෙම පිටින්ම ත්‍රාසජනක චිත්‍රපටයක් වැන්න.
පරම්පරා ගානකට හම්බ කිරිම පමණක් ජිවිතය කරගත් අතිබහුතරයක් වු ඉතාලියේ වෙසෙන ලාංකිකයන් අතර ඔහු සුවිශේෂි වන්නේ ජිවත්විමට තරම් මුදලක් පමණක් හම්බකරගෙන ජිවිතයේ ඉතිරිය සමාජය වෙනුවෙන් යොදවන්නට ඔහු තිරණය කර තිබුණ බැවිනි.
මේ නිසාම විශාරද ගුණදාස කපුගේ කලාකරුවාගේ මරණයෙන් පසු පළමු සංවත්සරය ලංකාවෙන් පිට කිසියම් අයෙක් සංවිධානය කර තිබුනේ නම් ඒ ජයනෙත්ති පමණක්ම විය යුතුය.
2007 වසරේ අප්‍රේල් මසට යෙදුන මේ කපුගේ සමරුව වෙනුවෙන් ඔහු කපුගේ ගේ මුල් යුගයේ එක් සුවිශේෂි ගමන් සඟයෙකු වු ජයතිලක බණ්ඩාරට රෝමයට පැමිණෙන ලෙස ඇරයුම් කර තිබුනේ ඒ සැමරුම වෙනුවෙනි.
දවසේ වැඩි පැය ගණනක් මහන්සි වි වැඩියෙන් යුරෝ හොයාගන්නට මහන්සි විය යුතුව තිබුනද ඉන් වෙනස් වු සහෘදයන් පිරිසක් එදා ජයනෙත්ති වටා එක්ව සිටියේ මුදල් පමණක්ම හම්බකරගන්නවාට වඩා යමක් කළයුතුව ඇතැයි ජයෙනෙත්ති ඒ වන විටත් ඒ පිරිසට ඒත්තු ගන්වා තිබුන නිසා විය යුතුය.
මේ සමරු ප්‍රසංගයේ වාදනයෙන් සහ ගායනාවලින් දායක විම සදහා සවස වැඩ නිමවි ශිතලේ දින කිපයක්ම පුරුදු පුහුණු වන්නට තරම් දිරියක් මේ සැම දෙනා තුල විම නිසාම සුන්දර සමරු ප්‍රසංගයක් එදා රෝම නගරයේ කුඩා ශාලවකදි මුළු දුණි.
රෝමනගරය පුරා සිසාරා ගිය රාත්‍රි ශිතල පරයා මිත්‍රත්වයන් උණුහුමෙන් පුරවාලන්නට අප එහි ගතකල දින කිහිපය සමත්වුණි.
මේ සහෘද කණ්ඩායම පසුකලෙක තවත් බොහෝ සුන්දර ක්‍රියාවන් සදහා අතගසා තිබුණි.
තිඹිර නම් වු කුඩා සඟරාව ඔවුන්ගේ තවත් එක් ප්‍රයත්තනයක් විය.
ජාතිවාදය වපුරා වෛරය නෙළන්නට වලිකන ලාංකිකයන්ගේ  අඩුවක් එදා රෝමනගරයේදිද තිබුනේ නැත.
එහෙත් ජයනෙත්ති ඒ සියල්ලට එරෙහිව ප්‍රතිපත්ති ගරුකව හැම විටම පෙනි සිටි නිසා ජාතිවාදින්ගේ නිරත්තර ගරහවන්නටද මුහුණ දිමට  සිදුව තිබුණි.
ඒ සියල්ල සිනා මුසුව දරා සිටි ඒ පුංචි මිනිසා අප කාටත් නොදන්වාම අද අවසන් ගමන් ගොස් තිබේ.
ඒ උපන් ගම වු පස්සරදිය.
රූප සම්මාදම  – රෝමයේ චන්දිම සොහොයුරාගෙනි.