මීගමුවේ දහම් පාසැල්වලට රිංගන ශිෂ්‍යත්ව වැඩපිළිවෙල..?????

0
37

mouseමීගමුවේ දහම් පාසැල් කිපයක පසුගිය දිනවල විශේෂ විභාගයක් පැවැත්විණි.
ඉතා කුඩා වයසේ දරුවන් පවා සමබන්ධ කරගෙන තිබුණ මේ විභාගය ගැන දරුවන් ගෙවල් වලට පවසා තිබුනේ කොම්පියුටර් උගන්වන්න ශිෂ්‍යත්ව දෙන බවය.
බොහො දෙමව්පියන් මෙය තේරුම්ගෙන තිබුනේ පල්ලියේ පියතුමාගේ වැඩපිළිවෙලක් ලෙසය.
එහෙත් අදාල විභාගයෙන් දරුවන් සමත් බවත් ලබා ඇති ලකුණු අනුව විවිධ මිළ සහනයන් යටතේ මාස 6 ක පාඨමාලාවක් හාදාරන්නට යැයි එහි සදහන් කුඩා පත්‍රිකාවක් පසුගිය දිනවල මේ සියළුම දරුවන් හට ලැබි තිබුණි.
තම දරුවාව පරිඝනක පංතියකට යවන්නට කිසිදු අදහසක් නොතිබුණ දෙමව්පියන් හට දැන් දරුවන් කරදර කරන්නට පටන්ගෙනය. තමන්ට ශිෂ්‍යත්වයක් ලැබි ඇති බැවින් කෙසේ හෝ පංති යවන ලෙසින් මේ දරුවන් දෙමව්පියන් හට කරදර කරන්නට දැන් පටන් ගෙන තිබේ.
මේ හේතුව නිසා පරිඝනක පංතියකට යවන්නට කිසිදු අදහසක් නැති දරුවන් වෙනුවෙන් පවා දැන් දෙමව්පියන් හට ඒ ගැන සැලැසුම් කරන්නට සිදුව ඇත.
රූපවාහිනියේ දරුවන් යොදාගෙන කරනු ලබන විවිධ ප්‍රචාරක දැන්විම් ආචාරධාර්මික නොවේ යැයි පසුගිය කාලය සංවාදයක් ගොඩනැගි තිබුණි.
එයට හේතුව වන්නේ එකි දැන්විම් වල ග්‍රහණයට අසුවන දරුවා විසින් පසුව සිය දෙමව්පියන් හට ඇවිටිලි කරනු ලබන්නේ කෙසේ හෝ ඒ දෙය තමන් වෙත රැගෙන දෙන ලෙස ඉල්ලමිනි.
මේ  ශිෂ්‍යත්වය වැඩපිළිවෙල පිටුපස ඇත්තේද එවැනිම ප්‍රචාරක වැඩපිළිවෙලක් නොවේද ?.
පල්ලි හා පන්සල් වල අදාල පැවිදි උතුමන්ලාද මේ වැඩපිළේ හවුල්කාරයෝ බවට පත්ව ඇති සෙයකි.
මෙහිදි මතුවන ඊළග කරුණ වන්නේ මෙවන් පාඨමාලාවක් පවත්වාගෙන යෑමට අදාල ආයතනයන් වෙත ඇති සුදුසුකම් කවරේද යන්නයි.
වෘත්තිය හා තෘතිය පුහුණු ආයතනයේ ලියාපදිංචි නැති කිසිදු අයෙක් හට මෙසේ පරිඝණක පංති පැවැත්විම සදහා නිතිමය ඉඩක් නැත.
එහෙත් මේ  ආයතනය විසින් සකසා ඇති සරල විස්තර පත්‍රිකාවේ ඒ බව දැක්වෙන කිසිවක් නැතිවා පමණක් නොව අදාල ගුරුවරුන්ගේ සුදුසුකම් හෝ අවම තරමින් නිල මුද්‍රාවක් හෝ එහි නැත.
මෙහිදි අප මතු කරන ප්‍රධාන ගැටළුව වන්නේ මේ සුදුසුකම් සපරාලන්නේ නැති තැතකට කුඩා දරුවන් යවන්නට යැයි මේ දහම්පාසැල්වල ප්‍රධානින් හට කිව හැක්කේ කෙසේද?
ඔවුන් ඒ ගැන සොයා බලා ඇතිද?
එසේ නැතිනම් ඒවා අනුමත කරන්නේ කෙසේද?