දෑස් නොමැතිව රෝගීන් සුවපත් කරන වෙඳැදුරානෝ

0
204
දහස්  ගණනක් රෝගින් සුවපත් කළ  ආයුර්වෙද වෛද්‍ය එඩිමන් වෙලගෙදර වෙද මහතා සොයා මා පසුගිය දිනක නාරම්මල  වදාකඩ මාර්ගයේ සැවැන්දනට ගියෙමි. විරඹුගෙදර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආයුර්වෙද සංරක්ෂණ සභාවේ සාමාඡික හා දෘෂ්‍යාධිතයින්ගේ සංගමයේ කුරුණෑගල දිස්ත්‍රික් හිටපු සභාපති  පාරම්පරික  දේශිය දෛවද්‍යවරයා උපතින්ම දෑස් අඳ වු අයෙක් නොවේ. තරුණ වියේදි සිදුවු හදිසි අනතුරකින් දෑස් අන්ධව ගිය බව ඔහු පවසයි. ඒත් තම උත්සහාය අත් නොහැර ඉදිරිය කරා පිය නගන  මේ වෛද්‍යවරයා පැරණි රහස්‍ය  කෙම් හා  වෛද්‍ය බෙහෙත් වට්ටෝරු මගින්  සුව කල නොහැකි යැයි කියන ලෙඩ රෝගසුවපත්  කරන්නේ  උතුම් මිනිස් ඡිවිත වසනකාවනෝ්ත  නිරෝගි පිරිසක් රටට ලබා දෙන්නටය. මෙම  ආයුර්වේද වෛද්‍යවරයාගේ  සහායට තම  ඡිවිත සහාකාරිය  වු කරුණාවති   මහත්මිය  නිබදව ලගින් සිටියි.  වෙද මහතා රෝගින්න පරික්ෂා  කරන තුරු ලගට වි සිටින ඇය  වෛද්‍යවරයා නියම කරන බෙහෙත් වර්ග කඩදාසියක සටහන් කරපසුව  එම බෙහෙත් වර්ග කලවර්‍ම කර සාදා රෝගීයාට ලබා දෙයි.. මද වෙලාවක් මම මෙම වෙද්‍යවරයා රෝගීයෙක් පරික්ෂා කරන ආකාරයත් කරුණාවති මහත්මිය ගේ සාත්තු සත්කාරයත් දෙස බලා සිටිමි. ඉන් පසු මා   මාධ්‍යවේදියකු බව පවසා   තොරතුරු විමසිය. මාතර ප්‍රදේශයේ පාරම්පරිකදේශිය වෛද්‍ය පරපුරකින් පැවත එන බවත්.  තම පියා ද වෛද්‍යවරයෙක් බවත් තමා කුඩා කල වයස  අවුරැදු 11 සිට  පියාගේ වෙද පොත් හරිම  ආසාවෙන් කියවන්න පුරුදු වුනා    පාඩම් කළා අවුරුදු 18  දී හදිසි අනතුරකින් දෑස් නොපෙනි ගියා. ඊට පසු රත්මලාන අන්ධ විද්‍යාල යට ඇතුළත්ව බ්‍රේල් ක්‍රමයට ඉගෙන ගෙන වෙද පොත් බ්‍රේල් ක්‍රමයට ඇතුලත් කර ගෙන වෛද්‍ය කටයුතු පුහුණු උනා. රෝග විනිශ්චය කරන්න මම නාඩි ශාස්ත්‍රය  අනුව ඒ ක්‍රමය ඉතා සාර්ථකයි. රෝගය හදුනා ගෙන රෝගින්  සුවපත් කරනවා. දේශිය වෛද්‍ය ක්‍රමයේ තියෙන පංචකර්ම ක්‍රම මා ඉතාමතත්ම අගය කරනවා. මේ වන විට දියවැඩියාව චර්ම රෝග ඒඩිස් රෝග සුවපත් කළ රෝගින් විශාල පිරිසක් දිවයිනේ විවිධ ප්‍රදේශවල  සිටිනවා. ඔවුන් පැමිණ ප්‍රතිකාර ලබා ගන්නවා. නාඩි ශාස්ත්‍රය තුලින් තමයි ප්‍රතිකාර සැලැසුම කරන්නේ. බඩවැලේ දෝෂ නිසා තමා හැම රෝගයක්ම හමටගන්නේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අමතරව භුත විද්‍යාව ද හදාරා ඇති අතර තරමක් දුරට එම කටයුතුවල ද නරතව සිටි. සමාජ රෝග  පිළිකා සදහා බෙහෙත් නිපදවිය හැකි බවත් වර්තමානයේ පවතින   ඖෂධ හිගය හා මිළ අධික කම නිසා තරමක් අපහසුතතා තිබෙන බවත් පැවැසිය. පාරම්පරික ඇඳුම රෝගය සුව කිරිමට මෙන්ම හෘද රෝග සෙම් රෝග  පීනස් රෝග මදු මෙහෙය දියවැඩියාව අධික තෙල් ගතිය සුව කල හැකියි. වෛද්‍ය උපදෙස් අනුව රෝගියෙක් නිසි වත්පිළිවෙත් රැකගෙන නියමිත ඖෂධ නියමිත වේලාවට ගෙන කටයුතු කරයි නම් ඔහුට රෝගය සුවපත් කරගන්න දැඩි උවමනාවක් ඇත්නම් කැපවිමෙන් එය සිදු කර ගෙන යා යුතුයි. විවිධ වෛද්‍යවරුන්ගේන්  දොස්තරවරුන්ගෙන් කොතරම් බෙහෙත් බිවත් ඉන් පලක් නොලැබෙන බවද අයුර්වේද  වෛද්‍ය එඩ්මන් වෙලගෙදර මහතා  අවසන් වශයෙන් පැපැවසිය. ආයුර්වේද සංරක්ෂණ සභා  මධ්‍යස්ථානය  සැවැන්දන වදාකඩ. ලිපිනයට හෝ 072 5379110 යන දුරකථනයෙන් වැඩි විස්තරලබා ගතහැකිය.   ආයුර්වෙද  වෛද්‍ය එඩ්මන් වෙලගෙදර මහතා,

DSCF6858
රෝගින් හා කථා බහ කරමින්.

DSCF6854

DSCF6865
. ඹෟෂධ නිෂ්පාදනය කරන අයුරු.

   DSCF6851 DSCF6866

ඡායාරූප හා විස්තර:- ගුණරත්න ලියනආරච්චි කුරුණෑගල දිස්ත්‍රික් සංචාරක. 0717230575/ 0722 169330