මීගමුව බන්ධනාගාරයේ රැදවියන් සහ සිරකරුවන්ගේ නත්තල් උත්සවයක් දෙසැම්බර් 20 වැනි අගහරුවාදා දින පෙරවරුවේදී බන්ධනාගගාර පරිශ්‍රයේදී පැවැත්විණි. සිරකරු සුභ සාධක සංගමය මගින් වාර්ෂිකව පවත්වනු ලබන මෙම නත්තල් උත්සවය මෙවර වඩාත් උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබිණි. මෙහිදී රැදවියන් සහ සිරකරුවන් පිරිසක් ඉදිරිපත් කල කැරෝල් ගීත ගයනා වැඩසටහනක්ද පැවැත්වීය. මීගමුව ස්ටෙපන් දේවස්ථානයේ ගීතිකා කණ්ඩායමේ කැරෝල් ගීත ගයනා ද මෙම වැඩසටහනේ විශේෂ අංගයක් වී තිබිණි. එලෙසම නත්තල් කෙටි නාට්‍යයක්ද මෙහිදී රග දක්වන ලදී.
මෙම වැඩසටහන සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේ මීගමුව, අවේ මරියා පුද්ගලික රෝහලේ අධිපති වෛද්‍ය කේ. ශ්‍රි රංජන් මහතායි. මෙය සංවිධානය කලේ සිරකරු සුභ සාධක සංගමයේ කතෝලික කම්ටුවේ සභාපති නිහාල් ප්‍රනාන්දු මහතාගේ දායකත්වයෙනි.
මෙම නත්තල් වැඩසටහන සදහා මීගමුව සිටෙපන් දේවස්ථානයේ පාලක ජෝශප් පියතුමා සහ මහාවීදිය දේවස්ථානයේ ඊටා ප්‍රනාන්දු කන්‍යා සොහොයුරියද බන්ධනාගාර අධිකාරී සී.එම්.එන්. චන්ද්‍රසේකර සහ එහි ප්‍රධාන ෙජ්ලර් නිලධාරී එම්.එන්.ආර්. අජිත් මහතා ද සහභාගී වුහ.
එලෙසම සිරකරු සුභ සාධක සංගමයේ සභාපති සිරිවර්ධන මහතා, උප සභාපතිවරු වන ස්වේන් ගුණසේකර මහතා , සරත් විෙජ්සිංහ මහතා , එහි ලේකම් අරුල් රාජ් මහතා ඇතු`ඵ එම සංගමයේ සමාජිකයන් පිරිසක්ද මෙම විශේෂ නත්තල් වැඩසටහන සදහා සහභාගී වී සිටිනු දක්නට ලැබිණි.