ඇමති සරත් ඇමති ලංසාට ප්‍රසිද්ධියේම යළිත් බැන වදි?

0
47

130මීගමුවේ දේශපාලන බලඅරගලය මේ දිනවල නැවත උණුසුම් වී තිබේ.
මේ බව පෙනීයන්නේ අමාත්‍ය සරත් ගුනරත්න මහතා විසින් කරන ලද ප්‍රකාශ කීපයක් හේතුවෙනි.
මේවා ප්‍රසිද්ධියේ සිදුකර ඇත. පසුගිය දිනවල  මීගමුව නගරයේ   සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන්  උත්සව අවස්ථා කීපයක් පැවැත්වුණි. තලාහේන මාතෘ නිවාසය අලුතින් ගොඩනැංවීමේ උත්සවය මෙන්ම කාමච්චෝඩයේ හා කොච්චිකඩේ ද පොදුවැසිකිලි පද්ධතියකට මුල් ගල් තැබීම සිදුවිය. මෙම අවස්ථාවන් වලට සහභාගී වූ නියෝජ්‍ය අමාත්‍ය සරත් ගුණරත්න මහතා විසින් ප්‍රසිද්ධියේ අමාත්‍ය නිමල් ලාන්සා මහතාව විවේචනයට ලක්කර තිබේ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ   මීගමුව දේශපාල බලඅධිකාරියේ දෙපිල නියෝජනය කරන අමාත්‍ය සරත් ගුනරත්න සහ ප.සභා අමාත්‍ය නිමල් ලන්සා මේ වන විට එකම දේශපාලනය තුළ විරුද්ධවාදීන් වී තිබේ.
කලකට ඉහතදි ලංකාදිප පුවත්පත හරහා එකිනෙකා විවේචනය කිරිමේ දැවැන්ත මහා උද්යෝගිමත් මඩ ප්‍රහාරයකට මුල පුරා සිටි මේ දෙදෙනා දැන් ප්‍රසිද්ධියේම ගහබැන ගන්නට පටන් ගෙනය.