‘වයඹ ප්‍රාදේශීය සභාවල, නගර සභාවල මිලියන 400 ක බදු මුදලක් එකතු කරන්න තියනවා’

0
62
වයඹ ප්‍රධාන අමාත්‍ය නීතීඥ දයාසිරි ජයසේකර මහතා විසින් මෙම ප්‍රකාශය සිදුකරන ලද්දේ 2014.09.23  වයඹ පළාත්සභාවේ පැවති වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ආදායම් පරීක්ෂක III  ශ්‍රේණියේ පත්වීම් 36 ක් ලබාදීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
”වයඹ පළාතේ ප්‍රාදේශීය සභාවල, නගර සභාවල  මිලියන 400 ක බදු  මුදලක් එකතු කරන්න තියනවා . ඔබට මුලින්ම ප්‍රධාන නගර සභා, මහ නගර සභාවල ප්‍රමාද වීම් බලලා  ඒ කාර්ය භාර්යයට අත ගහන්න වෙනවා ” යැයි වයඹ ප්‍රධාන අමාත්‍ය නීතීඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, අද පළාත් රාජ්‍ය සේවයේ 40,000 අධික පිරිවරකට ඔබතුමන්ලා එකතු වෙනවා. උසස් පෙළ සමත් වෙලා ඉන් ඉහළටත් ඉගෙනගත් අය මෙතන ඉන්නවා. ඔබ අද අදායම් පරීක්ෂකවරයෙක් විදියට පත්වීම් ලබනවා. රජ කාලයේ මේ තනතුර තිබුනේ බදු එකතුකරන්නන් විදියට. මේ කාර්ය භාර්යය කාර්යාලයේ ඇතුළත පිටත වගේම උසාවිය ළඟ තුන් ආකාරයකින් කටයුතු කරන්න සිද්ධ වෙනවා. අද වයඹ පළාතේ ප්‍රාදේශීය සභාවල, නගර සභාවල  මිලියන 400 ක බදු  මුදලක් තියනවා එකතු කරන්න. ඔබට මුලින්ම ප්‍රධාන නගර සභා, මහ නගර සභාවල ප්‍රමාද වීම් බලලා  ඒ කාර්ය භාර්යයට අත ගහන්න වෙයි. මේ මුදල් යොදාගන්නේ රටේ සංවර්ධනයට.  රාජ්‍ය සේවයට ඇවිල්ලා ඉතාමත් දරදඬු විදියට සේවය කරනවා වගේම සහනශීලී විදියටත් ක්‍රියාකරන්න සිද්ධ වෙනවා.ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව කාර්යක්ෂම නිලධාරීන් යොදාගන්න. 2001 සහ 2004 දී ලක්ෂ 10 ක්ව තිබුණු රාජ්‍ය සේවය ලක්ෂ 6 දක්වා අඩු වුනා. අද එය ලක්ෂ 14 දක්වා වැඩිවෙලා තියනවා.

 අද සියළු පහසුකම් ඔබ තමුන්නාන්සේලාට ලබා දීලා තියනවා. යතුරු පැදි  ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. ඉතිහාසයේ බස් එකේ සහ පයින් ගිහින් තමයි ඔබගේ කාර්ය භාර්යය ඉෂ්ඨ කරන්න වුනේ.ඊට වෙනස් වැඩපිළිවෙලක් තමයි අද තියෙන්නේ. එකමුතුකම, කාර්යක්‍ෂමභාවය සමග පළාත් රාජ්‍ය සේවය හරියට ඉටු කරන්න. මෙතන විතරක් නෙමෙයි ඒ ඒ ක්‍ෂේත්‍රවල දක්ෂතා දක්වලා ඉදිරියට යන්න.  මම බලාපොරොත්තුවෙන්නේ තමුන්නාන්සේලා  තැන පිළිබඳව හිතන්නේ නැතිව නිර්මාණශීලිව වැඩ කිරීමයි.
මෙම අවස්ථාවට පළාත් සභා මන්ත්‍රී කමල් හේරත්, වයඹ පළාත් ප්‍රධාන ලේකම් ජයන්ත විජේරත්න, වයඹ ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් පී.බී එම්. සිරිසේන. වයඹ පළාත් පාලන කොමසාරිස් බුවනෙක හේරත්ඇතුළු පිරිසක් සහභාගී විය. DSC_0214 (FILEminimizer)DSC_0176 (FILEminimizer)DSC_0211 (FILEminimizer)