ඉන්දියෝ,පක්කෝ,පිල්ලෝ,බංගලියෝ සහ අපි

0
60

‘ඉතාලියේ සිට ලියමි‘ බ්ලොග් අඩවිය ඉතාලියේ ජීවත්වන ශ්‍රී ලාංකික තරුණයෙකු විසින් සිය නිර්මාණ ඉදිරිපත් කරන බ්ලොග් අඩවියකි. http://sonodilan.blogspot.com
මෙහි ඉතිහාසය 2010 දක්වා දිවයන අතර ඔහු තම අත්දැකීම් හරහා ලෝකය දෙස යම් විමර්ශනාත්මක  ඇසකින් බලා සිය අදහස්  බ්ලොග් අඩවිය හරහා සමාජ ගත කරමින් සිටියි. මෙහිදී  ඔහුගේ ලිපිවල හා මාතෘකා වල ඇති එක් විශේෂත්වයක් වන්නේ ලාංකික සමාජය සිතන පතන ආකාරය පිළිබඳව ඉතාලියේදී ඔහුට අත්විදින්නට ලැබෙන අත්දැකීම් හරහා යම් ප්‍රශ්න කිරීමට ලක්කිරීමයි. ඔහුගේ ජීවන අත්දැකීම් ද පාදක කරගනිමින් ලෝකයේ සිදුවන තත්කාලීන සිදුවීම් පිළිබඳව යම් සංවාදයක් මෙම බ්ලොග්කරුවා විසින් මතුකරනු ලබයි. ඒ වගේම ඔහුට හමුවන අපූරු චරිත , පිළිබඳවද යම්  ආශ්වාදචනක හැඟීමකින් සිතන්නට මෙන්ම ලියන්නට ද ඔහු සමත්වී තිබේ. මෙම බ්ලොග් අඩවිය ඉතාමත් දුලබ , අත්දැකීම් බහුල තරුණයෙකුගේ අගනා ලිපි එකතුවකින් සමන්විත වී ඇත.
පහත පළවන උපුටා ගැනීම ඔහුගේ බ්ලොග් අඩවියේ 2013 වසරේ පළවූ ලිපියකි.

10675690_697280750357415_2840048542359116265_n
Market shop in Lipari, Sicily, Italy

ඉන්දියෝ,පක්කෝ,පිල්ලෝ,බංගලියෝ සහ අපි
ඔය උඩ සෙට් එක ඒ කියන්නේ ඉන්දියානුවෝ , පකිස්තානුවෝ, පිලිප්පීනුවෝ, ශ්‍රී ලාංකිකයෝ නැති රටක් අද ලෝකෙ හොයන්න අමාරුයි,මම හිතන්නේ ලෝකෙ මේ ජාතින් වල කෙනෙක් නැති රටක් හොයන්නම බෑ.ඒ තරමටම මේ කස්ටිය ලෝකෙ පුරා විසිරිලා ඉන්නවා,ඒ නිසාමද කොහෙද මේ කියන ජාතින් සෙට් එක ඉන්න ඕනම රටක තියන පොඩි ලෙඩක් තමා රැකියා වලට තියන තරගය එක්ක ඇති වෙන හැල හැප්පීම්,ඒ එක්කම ජාතීන් එකිනෙකා රුස්සන්නේ නැති ගතිය,ඒක වැඩි පුරම තියෙන්නෙත් ලාංකිකයන්ට සහ ඉන්දියානුවන්ට මම දකින විදිහට, ඔය අපේ බ්ලොග් අවකාශෙත් මම දැකලා තියනවා පෝස්ට් තිබුනා ඉන්දියානුවෝ ඊර්ශියාකාර,අපිරිසිදු ,අනුන්ගේ දේවල් හොයන,කෑමක් කන්න දන්නේ නැති, මහ සත්තු වගේ ජාතියක්ය,,පිලිප්පීනුවෝ කිසි කමකට නැති අපිරිසිදු,චාරයක් නැති ගණිකා වෘත්තිය කරනඉඉ ජාතියක්ය,බංගලිදේස්,පකිස්තානුවෝ කස්ටිය නාන්නේ නැති කන්න දන්නේ නැති අපිරිසිදු ජරා ජාතියක්ය වගේ කතා,  බ්ලොග් අවකාසෙට අමතරව අපේ අයගේ කතා බහෙනුත් ඕනා තරම් අහන දේවල් මේ.
ඉතින් ඔය කියන මිනිස්සු අපි කියන තරම්,හිතන තරම් නරක මිනිස්සුද?,,,ඔය මිනිස්සු අපි ගැන කොහොම කියනවද කියලා මම දන්නේ නම් නෑ, මගේ වසර 7 ඉතාලි ජීවිතේ ඔය කියන ජාතීන් සහ තවත් අමතර ජාතීන් රාශියක් මට මුන ගැහිලා තියනවා, කතා බහ කරලා තියනවා,ආශ්‍රය කරලා තියනවා,,යම් යම් පුද්ගලයන්ව අදටත් ආශ්‍රය කරනවා,ඒත් මට නම් ඔය කිසිම කෙනෙක්ගේ කියන්න තරම් මහා ලොකු වැරදි දැක්කේ නෑ, ඒ එක්කම මට කල්පනා උනේ අපි ගෙවල් පිරිසිදුව තියන් ඉන්න, අනුන්ගේ දේවල් හොයන්නේ නැති, කාටවත් ඊරිශියා කරන්නේ නැති,කිසිම රටක අපේ කාන්තාවෝ ගණිකා වෘත්තියේ යෙදෙන්නේ නැති 100% අංග සම්පූර්න ජාතියක්ද කියලා.අපි අරුන්ට බැන්නට ඔය ලෙඩ අපිටත් තියනවා නේද?
ගජේන්ද්‍රන් මට මුන ගැහුනු මුල්ම චරිතයක්,මම ඉතාලියට ඇවිත් සතියක් විතර ඇති මුලින්ම මෙයාව දකිනකොට, අපේ ගේ ගාවින් එහා මෙහා ගිය අපේ ගේ අසල පදිංචි වෙලා උන්න කෙනෙක්,මුල් දවස් වල මම මෙයා එක්ක හිනා උනාට පොර අහක බලන් ගියා,අපේ අම්මගෙන් අහනකොට කිවුවේ මිනිහා දෙමළ කෙනෙක් මෙතනින් ගියාට හිනා වෙන්නේ කතා කරන්නේ නෑ අහක බලන් යන්නේ කියලා,තව දවසක් දෙකක් මම බලෙන්ම හිනා උනා,,
කතාවේ ඉතුරු ටිකhttp://sonodilan.blogspot.com/2013/11/blog-post.html#comment-form   

1012414_697283737023783_4587863698862929840_n