ලියාපදිංචි නොවන ධීවර බෝට්ටු වලට 25000 ක දඩයක් ?

0
123

10352755_801395973216329_5810026909779263047_nසමස්ත ලංකා ධීවර වෘත්තීය සමිතිය මගින්  රටේ  ධීවරයන් මෙන්ම   ධීවර ක්ෂේත්‍රය මුහුණ දී ඇති  ගැටලුකාරී තත්ත්වයන්  පිලිබදව මාධ්‍ය  දැනුවත් කිරීමේ සාකච්ඡාවක්  ඊයේ (ඔක්තෝම්බර් 15 ) වනදා  මීගමුව ජනාවබෝධ කේන්ද්‍රෙය්දී පැවැත්විණි.

මෙම සාකච්ඡාවේ සහභාගී වූ නියෝජිතයන් විසින්  වර්තමාන රජය විසින් ධීවරයා මත පනවා ඇති පීඩාවන් පිළිබදව ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කරන ලදී.
ධීවරයන් වර්තමානයේ මුහුණ දෙන  අලුත්ම  ප්‍රශ්ණය වන ධීවර බෝට්ටු  ලියාපදිංචිය හා  රක්ෂණ නීතිය පිළිබව මතුකළ  සමස්ත ලංකා ධීවර වෘත්තීය සමිතියේ සභාපති  අරුණ රොෂාන් මහතා පවසා සිටියේ   එම රක්ෂණයෙන් කිසිම ප්‍රතිලාභයක් ධීවරයින්ට නොලැබෙන බවයි.  ධීවර පරීක්ෂකවරයා   විසින්  මේ වනවිට දේවස්ථාන හරහා ධීවරයින් දැනුවත් කරන ලෙස ධීවර සමිති වලට  ලිපි එවා ඇති බවත් එහි ලියාපදිංචි නොකල ධීවර බෝට්ටු වලට රු.25000 දඩයක් ක්‍රියාත්මක කරන බවද සදහන්ව ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.  රටේ වෙනත් ක්ෂේත්‍ර වලට  ක්‍රියාත්මක නොවන මෙවැනි   අසාධාරණ නීති   ධීවරනයන්ට පමනක් සිදුවන බවත් හෙතෙම  පවසන ලදී.
වර්තමාන රජය විසින් ධීවරයන් අමතක කර දැමූ සංචාරක කර්මාන්තයකට අවධානය යොමුකර ඇති බවට ඇති හොදම උදාහරණය ලෙස ඔහු පෙන්වා දුන්නේ  ගුරුගේ නැමති ව්‍යාපාරිකයාට මීගමුව කලපුව තුල ඇති දූපතක   හෝටල් හා ව්‍යාපාර කිරීමට අවසර ලබා දි තිබීමයි. ‍
එලෙස අවසර  දුන්නේ කේසේද යන්න ඔහු ප්‍රශ්න කර සිටියේය. එමෙන්ම එම ව්‍යාපාති හරහා ධීවරයන්ට  ආවේනික වූ සංචාරක කර්මාන්තයද අද ගුරුගේ ඔහුගේ ව්‍යාපාරයට නතුකරගෙන ඇති බවත් අරුණ රොෂාන්ත මහතා ප්‍රකාශ කරන ලදී. මීගමුව ආර්ථිකය රදා පවතින්නේ ධීවර කර්මාන්තයෙන් බවත් සංචාරක කර්මාන්තයට ධීවරයාගේ අකමැත්තක් නැති බවත් ඒය කිරීමේදි ධීවරාද සම්බන්ධ කරගනිමින් ඔවුන්ට හිරිහැර නොවන එය ක්‍රියාවට නැංවිය යුතු බව ට මෙහිදී අදහස් විය.

එහිදි අදහස් දැක්වු කලපු ධීවරයකු වන ජොශප් පීටර් මහතා පවසා සිටියේ මේ වනවිට  මීගමුව කලපුව තුළ ඉස්සන්,මසුන් හීනවමින් පවතින බවයි. එයට හේතුව වී ඇත්තේ මහා පරිමාණ
කරවල වාඩි වලින් පිටවන අපද්‍රවය නිසා සිදුවන මත්ස්‍ය සම්පත විනාශ වීමයි. තවද මේවා නිසි බලධාරියෙකුගේ අවධානයකට යොමු නොවන අනවසර ව්‍යාපාර බවයි. මෙම ඉස්සෝ කකුලුවන් මත්ස‍යින් මගින් රටට විදේශ විනිමයද ගලාඑන අතර මේම සම්පත බෝ කිරීමට පියවර ගන්නා ලෙස ඔහු ඉල්ලා සිටීන ලදී.  ඒ අතර ධීවරයන්ට හිමි විශ්‍රාම වැටුපෙහි ඇති ගැටලු හා එහි ප්‍රමානවත් නොමැති බව ද හෙතෙම පවසා සිටියේය.

ධීවර මවක් වන  නිරෝශනී ප්‍රනාන්දු මහත්මිය පවසා සිටියේ ධීවරයින්ගේ දරුවන් ජාතික පාසල් වලට ඇතුලත් කිරීමේදි ගොඩාක් අපහසුතා වලට පත්වන බවයි.
ධීවර දරුවන්ට  ඇති සුලු පාසල් පවා වසා දැමීමේ තත්වයකට මුහුන දී ඇති බවයි එයට හෙතුව තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කිරීමට ආර්ථීක හැකියාවක් නොමැති බවයි. ඇය ඉල්ලා සිටින්නේ ධීවරයගේ දරුවන්ටද අනෙකුත් දරුවන් මෙන් ඉහලට අධ්‍යාපනය ලැබීමට පසුබිම සකසා දෙන ලේසයි, තවද  ජීවන වියදමබර නිසා දරුවන්ගේ අධ්‍යාපනයට බලපැම් එල්ල වී ඇති ඇය පැවසුවාය.
20141015_115936 (1)new

අරුණ රොෂාන්  මහතා

මෙම ආණ්ඩුව පත් වූ සමයෙහි භූමිතෙල් රු10.50 යි.  නමුත් දැන් රු 86ක් වන්නේ පසුගිය මැතිවරයණය නිසා එය
රු 20 අඩුවූ නිසායි.  එය ඡන්ද ගුන්ඩුවක්. ඊලග මැතිවරනය දින වීමට ආන්ඩුව  සිදු කරන උපක්‍රමයක්.  ධීවරයින් ආන්ඩුවෙන් සහන්නධාර ඉල්ලන්නේ නැහැ.  බලෙන් සහනාධාර දී ධීවරයින් මුහුදෙන් කල්පුවෙන් ඉවත් කිරීමට සැලසුම් කිරීමට රජය සැලසුම් කරනවා.
ඉදිරියේ  ධීවරයින්ටද චීන ජපන් නැව් වලට යටත් වී කම්කරුවන් බවට පත් වී වැඩ කිරීමට සිදුවනවා. මෙවැනි  නින්දිත ව්‍යපෘති නවත්වා   වහාම මෙම තත්වය නතරකොට විශාල ආර්ථීක ප්‍රතිලාභ ලබාදීමට මෙම ධීවර කර්මාන්තය අවශ්‍ය පහසුකම් ලබා දී දියුනු කරන ලෙස අපි ඉල්ලා සිටිනවා.  ධීවයන් වහල්ලු නොකර බලපැම් නොකර රටේ අනෙකුත් අයට නොමැති නීති දමා අපහසුතාවයට පත් නොකරන ලෙස ද අප ඉල්ලා සිටිනවා.

ජෝශප් ඇන්ටනි
අපට  ස්ථීර මාලු මිලක් නැහැ. පිටරටින් මාලු ගෙනවන නිසා මෙහි මාලු වල මිල පහල බසිනවා.  ඒ
අතර ධීවර ආම්පන්න මිලත්  බදු නිසා දවසින් දවස ඉහල නගිනවා.  කොලඹ සංවර්ධන කටයුතු සදහා මුහුදු ගොඩ කිරීම   (කිලෝමීටර 3 දිගට අක්කර 500ක් ) නිසා කොලඹ සිට හලාවත දක්වා මුහුදු තීරය ඛාදනයට ලක් වන අතර  නාරා ආයතනය  නිවෙදන නිකුත් කර තිබෙනවා.

 10644839_801396476549612_4388195714774707371_nඡායා සහ සටහන -දිල්ශාන් ක්‍රිෂාන්ත

<iframe width=”853″ height=”480″ src=”//www.youtube.com/embed/5y-ATZdY7ok” frameborder=”0″ allowfullscreen></iframe>