සජින්වාස්ගේ ඇඟිලි කථාව ඇමති ලංසාටත් ගැලපේ…?

0
61

මේ දිනවල මීගමුව තුල වැඩියෙන්ම අර්බුද වර්ධනය වෙමින් ඇත්තේ ආණ්ඩු පක්ෂය තුලය.එය අද ජාතික මාධ්‍යවල ප්‍රධානතම මාතෘකාවක් බවටද පත්ව ඇත.විවිධ තරාතිරම්වල අය මේ දිනවල එකිනෙකාට ඇඟිලි දිගුකරගනිමින් සිටින්නේ ඒ ඒ අය කරන්නට යෙදුන හොරකම් පිළිබදවය.
මේ අතර මීගමුව නගරාධිපතිවරයාගේ නම යොදාගනිමින් ඇතැම් සේවකයන් මෙන්ම මන්ත්‍රිවරුන්ද මෙසේ විවිධ ජවාරම් වල නියැලෙන බවටද තොරතුරු මීපුර වෙබ් අඩවිය වෙත ලැබෙන්නට පටන්ගෙන තිබේ.
මේ අතර මීගමුවේ ජේෂ්ඨ නාගරික මන්ත්‍රිවරුන්ගේ නම් දෙකක්ද වේ.
පසුගිය දිනක සජින්වාස් ගුණවර්ධන මන්ත්‍රිවරයා විසින් මාධ්‍ය වෙත පවසා සිටියේ තමන් වෙත ඇඟිල්ලක් දිගුකරන අය වෙතට ඔවුන්ගේ ම ඇඟිලි 3 ක් එල්ලව ඇති බවය.
කෙසේ වෙතත් මේ ඇඟිලි කථාව වඩාත් ගැලපෙන්නේ මීගමුවේදි නම් ඇමති ලංසාටය.හේතුව වන්නේ ඔහු තරමින් මුදල් ගරාගැනිම්වලින් කප් ගසා ඇති කිසිවෙකුත් මීගමුවේ ආණ්ඩු පක්ෂය තුල නැති බැවිනි.