මීගමුව ආණ්ඩුපක්ෂ සංවිධායකගේ රැස්විම් ආණ්ඩුවේ නාගරික මන්ත්‍රිලාට තහනම්?

0
79

ඇමති සරත් ගුණරත්න සහ පළාත් සභා ඇමති නිමල් ලංසා අතර ඇතිව තිබෙන ආරවුල දැන් තවත් තිව්ර වි ඇත.
එහි ප්‍රථිපලයක් ලෙසින් මීගමුවේ ආසන සංවිධායකයා විසින් කැදවනු ලබන කිසිදු රැස්විමකට මීගමුව මහනගර සභාවේ කිසිදු මන්ත්‍රිවරයෙක් සහභාගි නොවිය යුතු යැයි ඇමති ලංසා නියෝගයක් පනවා ඇතැයි සැලය.
එහෙත් මේ නියෝගය නොතකා පක්ෂයේ ජේෂ්ඨ මන්ත්‍රිවරුන් පිරිසක් පසුගිය දිනක ඇමති සරත් ගුණරත්න විසින් කැදවා තිබුන රැස්විමකට සහභාගිව සිටියහ.
කෙසේ වෙතත් ඇමති ලංසා දැන් සැලසුම් කරන්නේ මීගමුව ආසනය පරදවා එහි වරද ඇමති සරත් ගුණරත්න වෙත පටවා ආසනය කෙසේ හෝ ලබාගැනිමට වලිකෑම බව නම සදහන් කිරිමට දැනට අකමැති ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රිවරයෙකු පවසා සිටියේය.