මීගමුව රෝහල පුරා ඩෙංගු පැතිර යාමේ අවධානමක් ?

0
43

dengu ward orpeningමීගමුව රෝහල තුල ස්ථාපිත රෝගින් 17 දෙනෙකු සදහා ප්‍රතිකාර ලබාදිය හැකි ඩෙංගු විශේෂ ඒකකය නිසා මීගමුවේ මෙන්ම මීගමුවේ නොවන විශාල උණ රෝගින් සංඛ්‍යාවක් දිනපතා රෝහල ඇතුලත් වෙමින් තිබේ.
මේ තත්වය නිසා ඇති ඉඩ කඩ පමණක් නොව ඒ හා විශාල පිරිසක් දැරිමට පහසුකම් නැතිකමේ අර්බුදයටත් වඩා භායනක තත්වයක් දැන් රෝහල තුල වර්ධනය වන්නට පටන් ගෙන ඇතැයි වාර්ථා වේ.
එනම් රෝහල තුල නේවාසිකව ප්‍රතිකාර ලබන අනෙකුත් රෝගින් වෙත පවා ඩෙංගු මදුරුවාගේ තර්ජනයට ලක්වන්නට සිදුව තිබිමයි.
දැනටමත් මීගමුව රෝහලේ ගැබණි මවක් මෙසේ ඩෙංගු රෝගි තත්වයට ගොදුරු වි ඇති බව සැලය.
මේ තත්වය ගැන අදාල රෝහල් බලධාරින් එක්ව විධිමත් සැලැස්මක් පිලිවෙල නොකරන්නේ නම් මතුවිය හැක්කේ මහත් ඛේදනීය තත්වයකි.