වෙබ් මාධ්‍යවේදින් හමුවිමට මාධ්‍ය ඇමතිවරයා කැමතිවෙයි.

1
54

press-freedomවෘත්තීය වෙබ් ජනමාධ්‍යවේදීන් මේ වන විට මුහුණ පා සිටින අර්බූද සම්බන්ධයෙන් රජය හා සාකච්ඡා කර විසඳුමකට එලඹීම සඳහා එම මාධ්‍ය සංගමය පසුගිය මැයි මස 05 වන දින ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ලට හා අමාත්‍යංශ ලේකම් වරයාට සාකච්ඡාවක් සඳහා අවස්ථාව ඉල්ලා සිටි නමුත් මේ දක්වා ඒ ලැබී තිබුණේ නැත. ඊට සිහි කැඳවීම් ලිපි තුනක්ද පසුගිය කාලයෙහි යොමු කර තිබිණි.
කෙසේ වෙතත් 2014 නොවැම්බර් 13 වනදා වෘත්තිය වෙබ්මාධ්‍යවේදින්ගේ සංගමය වෙත ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් චරිත හේරත් මහතා දැනුම  දි තිබුනේ ඔවුන් විසින් ඉල්ලා ඇති සාකච්ජාව සදහා 2014 නොවැම්බර් 14 සවස 6.30 ඉඩලබා දිය හැකි බවය.
අදාල සාකච්ඡාව සඳහා එම සංගමයේ නිති උපදේශකයින් හා ප්‍රධාන නිළධාරීන් කිහිප දෙනෙකු සහභාගී වීමට නියමිතය.
කෙසේ නමුත් මේ වන විටත් පුවත් වෙබ් අඩවි ගනනාවකට ශ්‍රී ලංකාව තුළ පිවිසීමට බාධා පමුණවා ඇත.
මේ සම්බන්ධයෙන් මීට මාස කිහිපයකට පෙර පාර්ලිමේන්තුව කල් තබන අවස්ථාවේ විවාදයක්ද පැවැත්වූ අතර එහිදී ජනමාධ්‍ය ඇමැතිවරයා කිසිදු ගැටලුවකට පිළිතුරු නොදී වෙබ් අඩවි කරන්නේ මඩ ගැහීම පමණක් බව කියමින් විවාදයෙන් පැන ගියේය. ඒ වන විටත් වාරණය කර තිබු පුවත් වෙබ් අඩවි 08 වාරණය කළේ කවුරුන් විසින්ද? කවර නීති ප්‍රතිපාදනයන් යටතේද? කවර වරදකටද? යන්න ගැන හෝ ඔහු පිළිතුරු නොදුන්නේය.
එසෙම වෙබ් වාරණය කිරීමට එරෙහිව පසුගිය මැයි මාසයෙදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි තුනක් ඉදිරිපත් කර ඇති අතර මේ දක්වා එම කිසිදු පැමිණිල්ලක් ගැන හෝ එම කොමිසමේ අවධානය යොමුව නැත.
වෙබ් වාරණය එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමේද අවධානයට ලක්ව තිබු අතර එම කාලසීමාව තුලදී  වෙබ් අඩවි කිපයක  වාරණය තාවකාලිකව ඉවත් කර තිබුණ. එහෙත් එය  මේ වන විට යළි එම වාරණය ක්‍රියාත්මක වෙමින් පවතී.