ධීවර ගැටුමෙන් විනාශ වු බෝට්ටුවට ධීවරයන්ගෙන්ම බෝට්ටුවක් ..

0
138

පසුගිය නොවැම්බර් මස 05 දින මීගමුවේ සුළු ධීවරයින් හා කරවල නිෂ්පාදකයන්  අතර ඇතිවු ගැටුම් නිසා දෙපාර්ශවයටම දේපල හානි සිදු විය.
එහිදී ධීවරයින්ගේ බෝට්ටු ගිනි තබන ලදි
එහිදි එක් යාත්‍රාවක් සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර තවත් යාත්‍රා ප්‍රහාර වලට ලක් වීමෙන් සුලු හානි සිදුව තිබුණි.
වැල්ලවීදීය හා කුඩාපඩුව ඒකාබද්ධ ධීවර සමිතිය විසින් ධීවරයන්ගේ එකමුතුකමින් විනාශයට පත් ධීවර යාත්‍රාව වෙනුවට එම යාත්‍රා හිමියා හට යාත්‍රාවක් ලබා දීම සදහා විශේෂ වැඩපිළිවෙලක් යොදා තිබුණි.. එය 2014.11.16 දින ඒකාබද්ධ ධිවර සමිති ශාලාවේදි වැල්ලවීදීය මීසම් පාලක ගරු ටෙරන්ස් පියතුමාගේ සහ දොන් බොස්කෝ ආයතනයේ පින්ටෝ පියතුමාගේ  ප්‍රධානත්වයෙන් boat 3boat 2boat 1සිදු කෙරිනි.