ඇමති ලංසාගේ කඩවුණු පොරොන්දුව ?

0
55

kammal moya.jpg3jpgමැතිවරණ  කාලෙට දේශපාලනඥයින් විසින් නොයෙකුත් පොරොන්දු දෙන්නේ ජන්ද කුට්ටි පිටින් ලබා ගැනීමටය.
පසුගිය බස්නාහිර පලාත් සභා මැතිවරණයේදි ඇමතිවරයෙකු  විසින් මීගමුව ජනතාවට නොයෙකුත්  පොරොන්දු ලබා දුනි.
එතුමා විසින් මීගමුව කම්මල්තොට නම් ධීවර ගම්මානයේ ඡන්ද කුට්ටිය වෙනුවෙන් ලොකු පොරොන්දුවක් වුනු බව දැනගන්නට ලැබිනි.
එනම් කම්මල්තොට මෝය ඛාදනයට ගල් වැටියක් දමා දෙන බවයි.
එම පොරොන්දුව හේතුවෙන් කම්මල්තොට ජනයා පක්ශ පාට නොබලා තම අවශ්‍යතාවය වෙනුවෙන් කැපවුනේ මෙම ඇමතිවරයාව පමණක් ගමට පිළිගනිමිනි එහිදි මෙම ගමේ විපක්ෂ කණ්ඩායම්ද තම ඡන්ද ව්‍යාපාරය නවතා දැමුවේ මෙම පොදු අරමුණ සදහාය.
මේ වන විට ඡන්දය නිම වී මාස කිහිපයක් ගත වී ඇත.
නමුත් ජනතාවගේ පොරොන්දුව ඉටුවී නැත.
එහිදි අප කල සොයා බැලීමකදි දැනගන්නට ලැබුනේ අපෙේක්ෂිත ඡන්ද ගණන මෙම ජන්ද පොලෙන් නොලැබුන නිසා මෙම ඇමතිවරයා මෙම වුනු පොරොන්දුව ගැන තැකීමක් නොදක්වන බවයි.මෙලෙසින්ම කඩොලකැලේ ගම්මානයේ පාර තාර දමා පිළිසකර කිරිම කඩිමුඩියේ මැතිවරණයට කලින් වැඩ අආරම්භ කර තිබුණද කඩොල් කැලෙන්ද අපේක්ෂිත ඡන්ද ප්‍රමාණය නොලැබුන නිසා ඇමති ලංසා එම පාර තැනිමද නවතා දමා තිබුණි.
සටහන-ඩිල්ෂාන් තිසේරා