වෙඩින් කාඩ් ව්‍යාපාරයේ පුරෝගාමී මෙහෙවර ‘ Fine Art Printers’

0
242

1383151_1624870257740512_5208906838123292858_n.එම්. අහමඩ් මහතා 1929 ජූලි මස 10 දින උපත ලැබූ අතර  අද වන විට 85 වන වියට පා තබා තම සැදැ සමය සතුටින් ගත කරයි. ඒ මහතා විසින් ආරම්භ කළ Fine Art වෙඩින් කාඩ් ව්‍යාපාරය අද නව මුහුනුවරකින් පැමිණෙන්නේ නව විලාසිතා හා නවීන මාදිලි වලිනි.
විශේෂිත වූ හස්ථ නිර්මාණ රැසක් අද වන විට මෙම ව්‍යාපාරය තම පාරිභෝගිකයින් වෙත රැගෙන එයිතම පාරිභොගිකයාගේ අවශ්‍යතාවය මත මෙම ව්‍යාපරය බැඳී සිටින බව එහි අධ්‍යයක්ෂක තුමිය වන මූසා මහත්මිය අප වෙත පවසා සිටියේය. Fine Art ව්‍යාපාරය ආරම්භ කල එම්.එම්. අහමඩ් මහතා මෙහි ඉතිහාසය ගැන මෙසේ සදහන් කෙරිනි.
                    සාකච්ඡා සටහන සහ ඡායාරූප / දිල්ශාන් ක්‍රිශාන්ත තිසේරා

මෙවැනි ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පාදක වූන හේතුව කුමක්ද ?
මගේ පියා 1890 තමා ඉපදුනේ. එයා රැකියාව කලේ කොලඹ මුද්‍රණ කටයුතු සම්බන්ධ කර්මාන්ත ශාලාවක. එයාගන් තමා පුරුදු වුනේ කාඩ් නිර්මාණ කරන්න. මට මතකයි අපි පොඩි කාලේ ඉදලා කාඩ් හැදුවා තාත්තා එක්ක එකතු වෙලා.
“Fine Art ” උපත ගැන සදහන් කලොත් ?
1981 තමයි අපි මුළින්ම Fine Art Printers නමින් මේ ව්‍යාපාරය පෙරියම්මුල්ලේදි පටන් ගත්තේ.
එතකොට ආගමික පොත් පත් , පත්තර , පත්‍රිකා වගේ එවා තම ප්‍රින්ට් කරන්න ගත්තේ.
එතකොට මීගමුවේ ප්‍රින්ටර්ස් හතරක් වගේ තිබ්බා.
එකක් නිගම්බු ප්‍රින්ටර්ස්, විජය ප්‍රින්ටර්ස්, තිලකා ප්‍රින්ටර්ස්,    සිරිනිමල ප්‍රින්ටර්ස් අද වෙනකොට තියෙන්නේ මෙකෙන් දෙකක් විතරයි.1920004_1624870377740500_7872022100750674078_n
වෙඩින් කාඩ් මුද්‍රණය කරන්නේ කොයි කාලේ ඉදලද
?
වෙඩින් කාඩ් ප්‍රින්ට් කරන්න ගත්තේ 1983 වගේ ඊට කලින් මැෂින් එහම හදලා තිබ්බා මට මතකයි. සමහර මැෂින් මම හදපුවා.
එතකොට ඒ කාලේ මගේ අයියා කෙනෙක්ගෙන් තමා මම ඒ මැෂින් හදන්න පුරුදු වුණේ.
ඒ කාලේ අකුරු බ්ලොක් කපලා අකුරු එකතු කරලා තමා ප්‍රින්ට් කරන්නේ. එතකොට අපි කොළඹ මැලිබන් මාවතේ කඩ තුනකට වගේ බෙදාහැරියා. අපි තමයි ගොඩාක්ම කොළඹ කඩ වලට වෙඩින් කාඩ් බෙදාහැරියේ  එතකොට රිලීෆ් ප්‍රින්ටින් එහම අපි කළා.1604379_1624870364407168_1844360868369752660_n
10272672_1624870191073852_4579911012301599746_o

ප්‍රදර්ශනයකට තැබූ fine arts නිර්මාණ  සමග අහමඩ් මහතා

ඒ කාලේ කොහොමද තිබුණ  ඉල්ලුම ?
ඔව්  ලොකු ඉල්ලුමක් තිබ්බා ගොඩාක් අය ඉතින් අපිව හොයන් එනවා.
අපි කොළඹ එමාඩ් හවුස්, YPM කොම්පැනී, වලට බෙදා හැරියානේ.
1989 කලබල කාලේ. කොහොමහරි YPM එකට ගිනි තියනවා. එහිදි අපේ කාඩ් ගොඩාක් විනාශ වුණෘ.  ඒ දවස් වල ගාල්ල, කුරුනෑගල,කොලඹ වෙඩින් කාඩ් බෙදා හැරියා.
අපි 1988 දී මැලිබන් මාවතේ ෆයින් ප්‍රින්ට් කියලා ව්‍යාපාරයක් ආරම්භ කළා.
එකෙත් අපේ වෙඩින් කාඩ් විකුනූවා
. එක නිසා ලොකු ඉල්ලුමක් මේ සදහා තිබුණා.
අපි ජර්මනියට,මාලදිවයින වගේ රටවල් වලටත්  කාඩ අපනයනය කළා.
මුල්  කාලයේ සේවකයෝ කී දෙනක් වගේ හිටියද?
ඒ කාලේ සේවකයෝ 22 ක් වගේ හිටියා. කාඩ් බෙදාහරින්න වාහන තිබුනා. පස්සේ අපි මුද්‍රණ යන්ත්‍ර පිටරටෙනුත් ගෙන්නුවා.
වර්තමානයේ මෙම ව්‍යාපාරය කවුද කරගෙන යන්නේ? කොහොමද බිස්නස් එහෙම ?
දැන් ඉතින් පුතා තමයි ව්‍යාපාරය කරගෙන යන්නේ. දැන් වෙඩින් කාඩ්, කේක් පෙට්ටි,පත්‍රිකා වගේ ඒවා නිර්මාණ කරනවා,  මුද්‍රණය කරනවා.   හොදට බිස්නස් තියනවා. ගොඩාක් දුර පළත් වලින් එනවා ගොඩාක් ප්‍රසිද්ධ අය  එහෙම වෙඩින් කාඩ් හදාගන්න එනවා.
අදටත් බොහෝ දෙනෙක් ඒ කාලේ අපෙන් කාඩ් හදපු අයගේ පුතාල දුවලා එහෙම ෆයින් ආර්ට් කියාගෙනම  හොයන් එන අවස්ථා තියනවා.

1510835_1624870207740517_1611124368124698468_nවිවාහ  මංගල ඇරයුම් පත් හෙවත් වෙඩින් කාඩ් මුද්‍රණයේ ඒතිහාසික හිමිකරුවෙකු වන ෆයින් ආර්ට් ව්‍යාපාරයේ ආරම්භක ඒ.එම්. අහමඩ් මහතා සමග සිදුකළ කතා බහකි.

නො:65, ජයරත්න මාවත, මීගමුව
දුරකථන
: 031-4910203/ 077 4272444.

1507725_1624870434407161_4074630372046773903_n

10418863_1624870331073838_4056088579825674684_n

මොහොමඩ් මහතා මුල් කාලයේදී වැඩ කළ මුද්‍රණ යන්ත්‍ර පෙන්වමින්
මොහොමඩ් මහතා මුල් කාලයේදී වැඩ කළ මුද්‍රණ යන්ත්‍ර පෙන්වමින්

10711111_1624870454407159_1101169197384254620_n
10440113_1624870317740506_9123354519849881763_n
IMG_1026IMG_1030

මුල් කාලයේදී මුද්‍රණය සඳහා යොදාගත් මැෂින්
මුල් කාලයේදී මුද්‍රණය සඳහා යොදාගත් මැෂින්