මීගමුව නවලෝක රෝහලෙන් අළුත් ”ඩෙංගු” පැකේජයක්?

0
57

මීගමුව පුරා ඩෙංගු පැතිර යෑම අවදානමක් තත්වයට පත්ව ඇති බව වාර්ථා වේ.නොවැ මස 20 වන දින දක්වා පමණක් මීගමුව තුලින් ඩෙංගු රෝගින් 180 ක් සොයා ගෙන ඇත.
මීගමුව රෝහලට දැරිය නොහැකි තත්වයකට අද එය පත්වෙමින් තිබේ.මෙයට ප්‍රධාන හේතුව වි ඇත්තේ මීගමුව රෝහල දැනට ඩෙංගු රෝගින් සදහා ඇති එකම රෝහල ලෙසින් ඉතා විශාල වශයෙන් ප්‍රචාරයක් දෙමින් තිබිම හේතුකොට ගෙනය.
නවලෝක රෝහල පිහිටා ඇත්තේ මීගමුව රෝහලට පෙනෙන මානයේය.ඩෙංගු රෝගය වැලදුන ඇති හැකි අය වඩාත් කැමැති වන්නේ මීගමුවේ ඩෙංගු පාලනයේ ජනප්‍රිය වාට්ටුවට පෙනෙන මානයේ පිහිටි නවලෝක රෝහල වෙතය.මේනිසාම දැන් නවලෝක රෝහලට  ඉල්ලුමක් ලැබෙමින් තිබේ.
ඉනුත් වඩාත් ඉල්ලුම ඇතිව තිබෙන්නේ මීගමුව රෝහලේ ඩෙංගු විශේෂඥ වෛද්‍යවරයා වෙතය.
මේ පසුබිම තුල නවලෝක රෝහල තුල ඩෙංගු විශේෂඥ වෛද්‍යවරයාගේ එක් දින පැකේජයේ මිල රු 10000 කි.ඩෙංගු රෝගියෙකු දින පහක් රෝහල තුල සිටියහොත් අදාල විශේෂඥ වෛද්‍යවරයාගේ ගාස්තුව රු 50,000.කි.
මේ සම්බන්ධයෙන් අප නවලෝක රෝහලෙන් විමසිම සදහා එහි 031 5577111 යන දුරකථන අැමතුම සම්බන්ඛ කරගෙන අදාල කාරණය ඔවුන්ගෙන් විමසා සිටියද එහිදි අප වෙත පවසා සිටියේ ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවත් ලබන අගහරුවදා එහි පැමිණ ප්‍රධාන නිලධාරියෙකු හමුවෙන ලෙසත්ය.
මෙහිදි මතුවෙන බරපතලම ගැටළුව වන්නේ මීගමුව නගර තුල මෙන්ම රෝහල් පරිශ්‍රය තුල අර්බුදයට යමින් ඇති මේ තත්වයන් කළමණාකරණය කිරිම සදහා කිසියම් ඒකාබද්ධ සැලැස්මක් කඩිනමින් සකස් කිරිමේ වගකිමක් ඇත.
එසේ නොවන්නේ මේ ඇතිවෙමින් ඇති ව්‍යසනකාරි තත්වය කිසියම් පිරිසක් වෙත වැඩියෙන්ම අදායම් ඉපයිමටත් අතිබහුතරයක් වෙත ජිවිත අවධානයක් කැදවිමට පමණක් ඉඩ සලසාලන යථාර්ථයක් පමණක්ම වනු ඇත.